Sunday, October 30, 2011

Neobux Rules Introduction - Emoney Sri Lanka

Neobux වල  නීති රීති ගැන යමක්


ඔන්න ඉතින් පොරොන්දු උනා  වගේ ආවා අලුත් පුවතකුත් අරන්. මම කලින් පාඩමෙන් කිව්වා Neobux වල නීති ටිකක් තදයි කියල, අද පාඩමෙන් දැනගන්න පුළුවන් ඒ නීති මොනවද කියලා. ඒවා නම් පහත පරිදි වේ.

  1. එක් සාමාජිකයෙකුට දැරිය හැක්කේ එක් ගිණුමක් පමණයි
  2. එක පරිගණකයකට එක  ගිණුමක් පමණයි
  3. දිනපතා දැන්වීම් නැරඹිය යුතුයි (තවත් විස්තර කල යුතුයි)
  4. ලියාපදිංචි වීමේදී සපයා ඇති තොරතුරු නිවැරදි විය යුතුයි
  5. එක ඉන්ටනෙට් ගිණුමකින් පිවිසිය හැක්කේ එක සාමාජිකයෙකුට පමණයි (තවත් විස්තර කල යුතුයි)
  6. ඉපයූ මුදල් ලබා ගැනීමට නම් ඔබේ e-currency  (Paypal හෝ Alertpay ) ගිණුම තහවුරු කල යුතුයි (තවත් විස්තර කල යුතුයි) 

නීති නම් ටිකක් තද වැඩියි නේද? හැබැයි මේවා දාලා තියෙන්නේ හොර කිරීම වැලැක්වීමට සහ අපේම හොඳට. අංක 3 / 5 / 6 නීති ගැන වැඩි විස්තර පහත දක්වා ඇත.

3 - දිනපතා දැන්වීම් නැරඹිය යුතුයි
 
මේ නීතියට මම නම් සම්පූර්ණයෙන්ම එකඟයි. හිතන්න ඔබ යටතේ සාමාජිකයින් දසදෙනෙක් ඉන්නවා කියලා , ඔවුන් එක්කෙනෙක් වත් දැන්වීම් බලන්නේ නැතිනම් ඔබට ඇති සෙතක් නැ. ඔබ ඔවුන් ලබාගෙන ඇත්තේ කුලියට නම් (Neobux මගින් ඔබට සාමාජිකයන් කුලියට ගත හැක) ඔවුන් දැන්වීම් නොබලනවා නම් ඔබට සිදුවන්නේ පාඩුවක්. මෙය වැලැක්වීම සඳහායි ඔවුන් මේ නීතිය පනවා තියෙන්නේ. (මෙතන තව ලොකු කතාවක් තියෙනවා, දැන්ම කියලා දෙන්න ගියොත් ඔයාලා පැටලෙනවා, ඒ නිසා දැනට මේ ලින්ක් එකෙන් ගොස් අවබෝධයක් ලබාගන්න. වෙනත් පාඩමකින් පසුවට ඒ ගැන කියල දෙන්නම්)
 

5 - එක ඉන්ටනෙට් ගිණුමකින් පිවිසිය හැක්කේ එක සාමාජිකයෙකුට පමණයි

මේක නම් ටිකක් වදයක් වෙන වෙලාවක් තියෙනවා, මේක දාලා තියෙන්නේ හොර කිරීම වැලැක්වීමට, මේ නීතිය යටතේ එක ගිණුම් හිමියෙකුට වඩා Neobux වෙත ඇතුල් වීමට හැකියාවක් නැ. හිතන්න ඔබේ කාර්යාලයේ සාමාජිකයන් තිදෙනෙක් Neobux භාවිතා කරනවා කියල,(ඔවුන් මේ සඳහා පරිගණක 3 ක් භාවිතා කල යුතයි, මතකනේ 2 වන නීතිය) ඔවුන්ගෙන් මුලින්ම ගිණුමට ප්‍රවේශ වෙන කෙනාට තමයි දැන්වීම් නැරඹිය හැක්කේ. අනික් දෙදෙනා ගිණුම සඳහා ප්‍රවේශ වීමේදී ඔවුන්ට මෙවන් පණිවිඩයක් දිස්වෙයි "
Another user using your IP address has alreadyviewed this advertisement in the last 24 hours " මේකේ තේරුම තමයි එක IP ADDRESS එකක් තුලින් දැනවීම් නැරඹිය හැක්කේ පැය 24 ක කාලයක් සඳහායි. එම කාලය ඉක්මවූ පසු යලිත් දැන්වීම් නැරඹිය හැක. අනික් අයට දැන්වීම් නැරඹීමට නම් ඔවුන් Router / Modem එක Restart කල යුතුයි , (එවිට අලුත් IP Address එකක් ලැබේ) නැතිනම් පැය 24 පසු කල යුතුයි.

සටහනක් - ඉන්ටනෙට් ඩොන්ගල් භාවිතා කරන අය නිතරම මේ ගැටළුවට මුහුණ දෙනවා. එවිට කල යුත්තේ ඩොන්ගලය විසන්ධි කර නැවත සවි කිරීමයි.
 

6 - ඉපයූ මුදල් ලබා ගැනීමට නම් ඔබේ e-currency  (Paypal හෝ Alertpay ) ගිණුම තහවුරු කල යුතුයි

ඔබ PTC වැඩසටහන් සමග සම්බන්ද වේ නම්
ඔබේ e-currency ගිණුම සඳහා Alertpay භාවිතා කිරීම වඩාත් සුදුසුයි. (Paypal මගින් මුදල් වියදම් කල හැකි නමුත්, එමගින් ලංකාවට මුදල් ගෙන්වා ගත නොහැකි නිසා) තවද ඔබ තෝරා ගන්නා Alertpay ගිණුම ඔබේම බවට තහවුරු කල යුතුයි. මේ සඳහා ක්‍රම කිහිපයක් ඇත (බැංකු ගිණුම සම්බන්ද කිරීම / ක්‍රෙඩිට් කාඩ් එක සම්බන්ද කිරීම / ජංගම දුරකථනය තහවුරු කිරීම ) එසේ තහවුරු කරගත් ගිණුමෙන් ඔබ Neobux සඳහා යම්කිසි මුදලක් ආයෝජනය කර තිබිය යුතුයි. (බයවෙන්න එපා, ක්‍රෙඩිට් කාඩ් නැහැයි කියල. ඔබට Alertpay ගිණුම සඳහා මුදල් ලබා ගත හැකි ක්‍රම තව තියෙනවා. එසේ ලබා ගත් මුදල් Neobux සඳහා ආයෝජනය කල හැකියි, ඒ ගැන පසුවට කියල දෙන්නම්) එසේ ආයෝජනය කල පසු, ඔබ Neobux මගින් උපයා ගන්නා මුදල් ඔවුන්, ඔබ විසින් තහවුරු කල Alertpay ගිණුමට බැර කරයි.

මේ නීති රීති පිළිපැදිය හැකි කවුරුන් හෝ වේ නම් ඔවුන්
Neobux සඳහා ලියාපදිංචි වෙන්න. මගේ මතය තමයි ජනතාවට ඇත්ත වටහා දීම. ඔවුන් නිවැරදිව දැනුවත් වූ පසු e -money මුසාවල් , බේගල් වලට තවදුරටත් හසු නොවේවි. ඊළඟ වතාවේ මම ඔයාලට පෙන්වන්නම් මම Neobux මගින් මුදල් ලබා ගත් හැටි (පින්තුර සමගින්) එතකන් ගිහින් එන්නම්.

නොමිලේ Alertpay ගිණුමක් සාදා ගැනීමට පහත බැනර් එක ක්ලික් කරන්න 




Neobux සඳහා සම්බන්ධ වීමට පහත බැනර් එක ක්ලික් කරන්න




Saturday, October 22, 2011

Introduction To Neobux - Emoney Sri Lanka

Neobux ගැන හැඳින්වීමක්
 

අද මම ඔයාලට හඳුන්වා දෙනවා තවත් එක් විශ්වාසනීය  PTC වැඩසටහනක් ගැන. මේකත් හරියට Clixsence වගේම තමයි. ඔයාලට කරන්න තියෙන්නේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙලා දිනපතා දැන්වීම් බලන එකයි. හැබැයි මේකේ නීතිරීති නම් ටිකක් තද වැඩියි. මෙම වැඩසටහන සඳහා විශේෂ ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා තියෙනවා. එක නිසා කවුරුත් හොර කරන්න නම් යන්න එපා. එහෙම උනොත් ඔබේ ගිණුම අවලංගු වේවි. අයෙත් වැඩසටහන සමග සම්බන්ද වෙන්නත් බැරි වේවි. 

මේකෙදී ඔයාලට ඉතා ඉක්මනින් ඔබේ ඉලක්කයන් වෙත ලඟා වීමේ පහසුකම් ලබා දී තිබෙනවා. (සාමාන්‍ය ගිණුමක් ඇති අයටත් පුළුවන්, හැබැයි පොඩි මුදලක් ආයෝජනය කරන්න වෙනවා)

Neobux මගින් ඔබට සාමාජිකත්වය සඳහා අයදුම් කල හැකි ක්‍රම කීපයක් තියෙනවා. තවද ඒ ඒ ගිණුම සඳහා විශේෂ පහසුකම්ද ලබා දී තිබෙනවා. සාමාජික ගිණුම් වර්ගය හා ඒ සඳහා වසරකට ගෙවිය යුතු මුදල පහත පරිදි වේ.
  1. Standard (අය කිරීමක් නැත)
  2. Golden (ඩොලර් 90)
  3. Emerald , Sapphire (ඩොලර් 290)
  4. Platinum , Diamond (ඩොලර් 490)
  5. Ultimate (ඩොලර් 890)
පුදුමයි නේද? Clixsense සමග සසඳා බලන කල , Neobux සාමාජිකත්ව සඳහා වසරකට ඔබට ගෙවීමට සිදුවන මුදල අති විශාලය (සාමාන්‍ය / standard , ගිණුම හැර) එත් ඉතා විශාල සාමාජිකයන් පිරිසක් Golden හා ඊට ඉහල සාමාජිකත්වයන් දරනවා කිව්වොත් ඔබ තවත් පුදුම වේවි. ඔවුන් එසේ ඉහල මුදලක් ගෙවා මේ වැඩසටහන සමග රැඳෙන්නේ මෙහි ඇති විශ්වාස බව හා ඔවුන් ලබන ඉහල ලාබය නිසයි.

මමම් තවම දරන්නේ සාමාන්‍ය ගිණුමක් පමණයි. එත් මම ඩොලර් 5 වැනි සුළු මුදලක් ආයෝජනය කර දැනට දෙවතාවක් මුදල් ලබා තියෙනවා. දැන් අපේක්ෂා කරමින් ඉන්නේ මගේ තෙවන මුදල ලබාගන්නයි. 

මේ සඳහා ඔබව දැනුවත් කිරීමට ඇති කරුණු බොහෝයි. බයවෙන්න එපා, ඒ එකක් නෑර මම ඔයාලට කියල දෙන්නම්. දැනට කාට හරි වැඩි විස්තර බලන්න ඕන නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න. වැඩසටහන සමග සම්බන්ද වීමට කැමති අය සිටියි නම් පහත බැනර් එක ක්ලික් කර ලියාපදිචි වෙන්න.



ඊළඟ පාර මම මෙහි ඇති, දැනගත යුතුම කරුණු ගැන කියල දෙන්නම්, එතකන් ගිහින් එන්නම්.

Tuesday, October 18, 2011

Introduction To Clixsence & Referrals - Emoney Sri Lanka

Clixsense සහ Referrals හැඳින්වීමක්


ඉතින් ටික දවසකට පස්සේ අලුත් විස්තරයක් එක්ක ආයෙත් අවා ඔයාලා හමුවෙන්න. අපි අද කතා කරමු clixsence වල ඇති referrals ගැන.ඔයාලා දන්නවනේ මේ වැඩේ අපිට ඉතා සාර්ථකව කරන්න පුළුවන් සාමාජිකයෝ ගොඩක් ඉන්න තරමට. හැබැයි ඒ අයට කැපවීම, උනන්දුව, ඉවසීම , කියන ගුණාංග තිබිය යුතුමයි.ඔයාලට කරන්න තියෙන්නේ තවත් අලුත් සාමාජිකයෝ ඔබ යටතේ බඳවා ගැනීමයි. මේ සඳහා ඔබගේ "referral ලින්ක්" එක භාවිතා කරන්න. ඔබ දවස ගානේ දැන්වීම් බලනවා වගේ ඔබේ සාමාජිකයොත් බලනවා නම්, ඔබට දවසකට සැහෙන මුදලක් සොයා ගත හැකියි. (පහත රූපය දෙස බලන්න)


සැලකිය යුතුයි - රුපයේ ආකාරයට පියවර 8 ක්  පහලට ගමන් කල හැක්කේ ප්‍රිමියම් සාමාජිකයන්ට පමණි. සාමාන්‍ය සාමාජිකයන්ට ගමන් කල හැක්කේ ඒක් පියවරක් පමණි. වැඩි විස්තර සඳහා පහත රුපය බලන්න.මෙහි දක්වා ඇත්තේ " ප්‍රිමියම් සහ සාමාන්‍ය සාමාජිකයන්ට " ලැබෙන වාසි අතර වෙනස්කම්ය.


පහත රුපයෙන් දැක්වෙන්නේ (ඔබ ප්‍රිමියම් සාමාජිකයෙක් නම්) ඔබ යටතේ ඉන්නා සාමාජිකයන් ඔවුන්ගේ සාමාජිකත්වය " ප්‍රිමියම්  " දක්වා උසස් කළහොත් ඔබට ලැබෙන වාසින්ය.


ඔබත් ඔබගේ ගිණුම " ප්‍රිමියම් " දක්වා උසස් කළහොත් වාසි රැසක් ලබා ගත හැක. සාමාජිකයන් වැඩියෙන් බඳවා ගන්න, එහෙම කලොත් ඔබ දිනුම්.

  1. clixsence නිවැරදිව භාවිතා කිරීමට උපදෙස් සඳහා මේක බලන්න.
  2. clixsence නීති ගැන දැනගැනීමට මේක බලන්න.
  3. අපෝ මේක එපා වෙන වැඩක්නේ, එහෙම නම් මේක බලන්න.
 තවමත් ලියාපදිංචි නොවුන අය සිටියි නම් පහත බැනර් එක ක්ලික් කර ලියාපදිංචි වෙන්න.