Tuesday, December 13, 2011

Clixsence First Payment - Emoney Sri Lanka

Clixsence මගින් ඉපයූ මුල්ම මුදල

ඔන්න මම Clixsence මගින් ඉපයූ මුල්ම මුදලත් ලබා ගත්තා, මේ මුදල ලබා ගන්න ලොකු කැපකිරීමක් කළා, එකේ ප්‍රතිපල මම අද විඳිනවා, මට Clixsence වල Referrals කිහිපදෙනෙක් සිටියත් (8 දෙනෙක් පමණ) ඔවුන් සියලුම දෙනා වගේ අක්‍රීය තත්වයේ ඉන්නේ, එත් මම උත්සාහය අත්නොහැර තනිවම ක්‍රියාකරලා මේ විදිහේ ජයග්‍රහණයක් ලබා ගත්තා.පහත රූපය බලන්න


මේ ලැබූ ජයග්‍රහණය

  • අන්තර්ජාලය මගින් මුදල් උපයන්න බෑ කියන අයට හොඳ පිළිතුරක් වෙයි.
  • Clixsence මගින් මුදල් උපයන්න බෑ කියන අයට හොඳ පිළිතුරක් වෙයි.
  • මෙය Clixsence මගින් තනිවම උවත් මුදල් උපයන්න හැකි යැයි පෙන්වා දෙන්න පුළුවන් කදිම සාක්ෂියකි (විශේෂයෙන් ප්‍රිමියම් ගිණුම් හිමියන්ට)

ඉතින් තවත් බලා ඉන්නේ නැතිව අදම ලියාපදිංචි වෙලා අන්තර්ජාලයෙන් නොමිලේ මුදල් උපයන්න.ජය වේවා!

Microjobs Second Payment - Emoney Sri Lanka

Microjob දෙවන මුදල ලැබුණු වගයි

ඔන්න මම බලාගෙන හිටපු Microworkers මගින් ඉපයූ දෙවන මුදලත් ලැබුනා, මේක ලැබිලා නම් ටික දවසක් වෙනවා, තිබුණු වැඩ අධික නිසා ආරංචිය දෙන්න ටිකක් ප්‍රමාද උනා. ඔය පහල රූපයේ තියෙන්නේ මට ලැබුණු දෙවන මුදලයි.



ඔයාලත් කැපවීමෙන් වැඩ කරන්න, එහෙම කලොත් ඔයාලටත් මේ වගේ මුදල් සොයන්න පුළුවන්.

Wednesday, December 7, 2011

Neobux Correct Way To Watch Ads Daily - Emoney Sri Lanka

Neobux  - දිනපතා දැන්වීම් නරඹන නිවැරදි ක්‍රමය


මෙම පාඩම "Neobux වල නීති රීති ගැන යමක්" යන පාඩම හා සම්බන්ධයි

මම ඔයාලට Neobux වල මුල්ම පාඩම් වලදී කියල දුන්න දැන්වීම් නැරඹීම දිනපතා කල යුතුයි කියලා, අද ඒ ගැන වැඩි විස්තරයක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී සාමාන්‍ය ගිණුම් ඇති අයට වැඩි වශයෙන් දැකිය හැකි දැන්වීම් වර්ග කිහිපයක් හා ඒවාට ආවේනික වර්ණ තියෙනවා, ඒවා නම්

Micro කාණ්ඩයේ දැන්වීම් - කොළ පාට
Fixed කාණ්ඩයේ දැන්වීම් - දම් පාට හා තැඹිලි පාට

මෙහිදී අපට ඉතා වැදගත් වෙන්නේ තැඹිලි වර්ණයෙන් යුත් දැන්වීමයි, ඒ ඇයි?

මෙම වැඩසටහනේදී අප දැන්වීම් නැරඹිය යුතු වන්නේ පැය 24 ක්‍රමයටයි, ඒ කියන්නේ අපි වරක් නැරඹු දැන්වීම් නැවත reset වීම සිදුවන්නේ පැය 24 කට පසුවයි, මෙහිදී අප දිනපතා නැරඹිය යුතුම දැන්වීම් කාණ්ඩය වන්නේ තැඹිලි වර්ණයෙන් යුත් එවයි, ඉතින් මේ දැන්වීම් වරක් ක්ලික් කල පසු නැවත reset වීම සිදුවන්නේ පැය 24 කට පසුවයි, මෙහිදී ඉතා කල්පනාකාරී වන්න, ඇඩ්ස් reset වීම සිදුවන්නේ අපගේ Local Time එකට උවත් අප ඒවා ක්ලික් කල යුතු වන්නේ Server Time එකේ පැය 24 අනුකූලවයි
. පහත රූපය දෙස බලන්න.


ඔය කහ වර්ණයෙන් රවුම් කර ඇත්තේ මගේ ගිණුමේ ඇඩ්ස් Reset වෙන වෙලාවයි, එය සටහන් වී ඇත්තේ උදෑසන 8.39 ලෙසයි, මෙම කාලය වෙනස් කල නොහැකි අතර එය ඔබ මෙම වැඩසටහන සමග ලියාපදිංචි උන වෙලාව වශයෙන් සැලකිය හැක. (ඔබ උදෑසන 10 මෙම වැඩසටහනට සමග ලියාපදිංචි උනා නම් ඔබේ Reset වෙන වෙලාව උදෑසන 10 වෙයි) දැන් රතු වර්ණයෙන් රවුම් කල තැන බලන්න, මෙහි සටහන්ව ඇත්තේ Server එකේ දිනය හා වෙලාවයි, ඇත්ත වශයෙන්ම අප දැන්වීම් නැරඹිය යුත්තේ මේ වෙලාවට අනුකූලවයි, 

ඒ ඇයි? පහත උදාහරණය දෙස බලන්න.

2011.11.26 ලංකාවේ වෙලාව උදෑසන 8.39 = ඇඩ්ස් Reset වෙයි (අපේ වෙලාව අනුව)

 
එහෙත් එය Server එකේ වේලාවෙන් පහත පරිදි වෙයි

2011.11.25 Server එකේ වෙලාව රාත්‍රී 10.09 = ඇඩ්ස් Reset වී නොමැත (පැය 24 අනුව)

ඒ කියන්නේ Server එකේ වෙලාවට අනුව අප තාම සිටින්නේ 2011.11.25 දිනයේයි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ Server එකේ වෙලාව 00.00 පසුවූ පසු දිනපතා නැරඹිය යුතුම "තැඹිලි" වර්ණයෙන් යුත් දැන්වීම් නරඹන එක. ඉස්සර නම් මේක හරියට පැටලුනා , දැන්නම් Neobux මගින් එක දැන ගැනීමට ඉඟියක් ලබාදී තිබෙනවා, පහත රූපය බලන්න.


ඔබට පෙනෙනවා ඇති ඉහත රූපයේ පණිවිඩයක් දිස්වෙනවා " You haven't viewed any advertisements today " යනුවෙන්, ඉතින් ඔබට කරන්න තියෙන්නේ මේ පණිවිඩය දිස්වෙන විට ඇඩ්ස් නරඹන එකයි. (Server දිනය වෙනස් වී ඇති ආකාරය බලන්න)

ඔබ පැය 24 ක්‍රමයට දැන්වීම් නැරඹුවේ නැතිනම් මොකද වෙන්නේ? 

කියන්නත් දුකයි, එහෙම උනොත් ඔබට හෙට දවසේ Referrals මගින් ලැබීමට නියමිත මුදල් අහිමි වෙනවා. ඔබට Direct Referrals හෝ Rented Referrals සිටියි නම් ඔබ දිනපතා පැය 24 ක්‍රමයට දැන්වීම් නැරඹිය යුතුම වෙනවා, එහෙම කල නොහැකි නම් මේ වැඩසටහන සමග සම්බන්ධවීමෙන් වැළකී සිටින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සියලුම ඇඩ්ස් පැය 24 ක්‍රමයට නැරඹිය යුතුද?

ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක කොළ පැහැයෙන් හා දම් පැහැයෙන් යුත් දැන්වීම් නැරඹිය හැක, දවසට කිහිප වතාවක් උවත් ඔබේ ගිණුමට ඇතුල් වී මේ දෙවර්ණයේ ඇඩ්ස් නරඹන්න පුළුවන්, හැබැයි තැඹිලි වර්ණයෙන් යුත් ඒවා පැය 24 ක්‍රමයට නරඹන්න අමතක කරන්න එපා.

සාරාංශය
  • Server එකේ වෙලාවට අනුව තැඹිලි වර්ණයෙන් යුත් දැන්වීම් නරඹන්න.
  • එම වර්ණයේ ඇඩ්ස් දිනපතා මග නොහැර බලන්න.

    Tuesday, December 6, 2011

    What Are The Neopoints - Emoney Sri Lanka

    Neobux - Neopoints කියන්නේ මොනවද

    මම අද ඔයාලට කියන්නම් Neobux වල ඇති Neopoints හා එහි ඇති වැදගත්කම ගැන. අපි මුලින්ම බලමු Neopoints කියන්නේ මොනවද කියල, මේක ඇවිල්ල එක්තරා ලකුණු ක්‍රමයක්, ඔබ Neobux වල නරඹන එක දැන්වීමක් එක Neopoints එකකට සමානයි, ඒ කියන්නේ ඔබ දවසට දැන්වීම් 15 බැලුවොත් ඔබට Neopoints 15 ලැබෙනවා.

    දැන් අපි බලමු මේ ලැබෙන ලකුණු වල ඇති වැදගත්කම ගැන. ඔබට මේ ලකුණු පාවිච්චි කරලා Rental Balance එකට මුදල් ලබාගන්න පුළුවන්, තවද මේ ලකුණු පාවිච්චි කරලා අවුරුද්දක කාලයකට Golden ගිණුමක් ලබාගන්න පුළුවන්. (හැබැයි ඒ සඳහා ලකුණු 30000 ලබා ගත යුතුයි, තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන්වීම් 30000 නැරඹිය යුතුයි) තවද මේ ලකුණු යොදා ගනිමින් ඔබේ Direct Referral සීමාව වැඩි කරගන්න පුළුවන්, ලකුණු 500 එක Direct Referral කෙනෙකුට සමානයි.

    වැඩිපුර ටයිප් කරන්න ඕන නෑනේ, කට්ටියම පහත රූපය නරඹා Neopoints ගැන වැඩිපුර අවබෝධයක් ලබාගන්න.


    මම නම් මට ලැබෙන දැන්වීම් එකක්වත් මගහරින්නේ නෑ, ඒ නිසා මට පුළුවන් උනා Neobux සඳහා වැඩිපුර මුදල් ආයෝජනය නොකර Neopoints ආධාරයෙන් Rental Balance එක වැඩිකරගන්න, එසේ ලබාගත් මුදල් කුලියට ගත් සාමාජිකයන් සඳහා වැය කරනවා. (ඔවුන්ගේ මාසික කුලිය ගෙවීමට / Recycle කිරීමට) ඒ නිසා ඔබත් ලැබෙන දැන්වීම් සෑම එකක්ම නරඹන්න, Neobux තුලින්ම උපයා එයටම ආයෝජනය කරන්න. හැමෝටම ජය වේවා.

    Saturday, December 3, 2011

    Introduction To DonkeyMails - Emoney Sri Lanka

    DonkeyMails හැඳින්වීම

    මම අද ඔයාලට කියල දෙන්නම් මුදල් උපයන්න පුළුවන් තවත් වැඩසටහනක් ගැන. මේකේ නම තමයි DonkeyMails (නම ටිකක් පිස්සු වගේ නේද) මේකත් PTC වැඩසටහනක්, මේකෙන් මුදල් ඉපයිය හැකි ක්‍රම ගණනාවක් තිබෙනවා, උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාලට දැන්වීම් නැරඹීම මගින් / Email  බැලීමෙන් / මේ වැඩසටහන හරහා තවත් ඒවාට සම්බන්ධවීම මගින් හා තවත් ක්‍රම ගණනාවකින් මුදල් උපයන්න පුළුවන්. මම මේ වැඩසටහන පසුගිය මාස කිහිපය මුළුල්ලේ අත්හදා බැලුවා, එහෙම කලේ ඔයාලට කියන්න කලින් මේකේ විශ්වාසබව ගැන තහවුරු කරගන්න ඕන නිසා, ඉතින් කියන්න සතුටුයි මේ වැඩසටහන සාර්ථක එකක්, හැබැයි අනෙක් PTC වැඩසටහන් වලට සාපේක්ෂව මේක ටිකක් මන්දගාමී එකක්, මේකෙන් තනිවම මුදල් හොයන්න නම් ටික කලක් ගත වෙනවා, ඔයාලට තමන් යටතේ ලියාපදිංචි උන සාමාජිකයන් නැතිනම් (ඒ කියන්නේ Referrals නැතිනම්) මුදල් උපයන්න ටික කලක් ගත වෙනවා.


    හැබැයි මේකේ එක හොඳක් මම දකිනවා ඒ තමයි ඩොලර් 1 ඉපයූ පසු මුදල් ඉල්ලුම් කරන්න පුළුවන්, ඔයාල දැනටමත් දන්නවා අනෙක් PTC  ගැන, ඒවාට ගෙවන ගානත් දන්නවා, ඒවායේ මුදල් ඉල්ලුම් කරන්න ඩොලර් 8 / 10 දක්වා උපයන්න වෙන බවත් දන්නවා, සාමාන්‍ය ගිණුම් ඇති අයට මුදල් උපයන්න කල් ගතවෙනවා කියලත් දන්නවනේ, ඉතින් DonkeyMails සමග තනිවම සම්බන්ධ වෙලා හිටියත් ඩොලර් 1 ඉපයූ පසු ඔබට මුදල් ලබාගන්න පුළුවන්, එහෙම කරපු මටත් මුදල් ලැබුන. පහත රූපය බලන්න.





























    ඉතින් ඔයාලටත් තමන් ගැන විශ්වාස නම්, PTC  කියන්නේ මොකක්ද කියල දන්නවා නම්, තමන් කරන්නේ මොනවද කියල දන්නවා නම්, මුදල් ඉපයීමේ පැහැදිලි උවමනාවක් තිබෙනවා නම්, හොඳ උත්සහවන්ත අධිෂ්ටානයක් තිබෙනවා නම් මේකට සම්බන්ධ වෙන්න. තමන් යටතේ සාමාජිකයන් බඳවා ගන්න උත්සහ කරන්න, එහෙම කලොත් ඔබ දිනුම්. ඔබ සිතනවා නම් මේ විස්තරය ඔබට වැදගත් උනා කියල, එහෙම නම් පහත බැනර් එක ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න. මේ ගැන දීර්ඝ විස්තරයක් ඉදිරියේදී කරන්නම්, කලින් පාඩම් ගැනත් ගොඩක් දේවල් කියන්න තියෙනවා, ඉතින් ඉඩ ලැබෙන විදිහට ඒ හැම එකක්ම ඔබට කියන්නම්. හැමෝටම සුබ දවසක්!


    DonkeyMails.com: No Minimum Payout

    Saturday, November 26, 2011

    Microjobs First Payment - Emoney Sri Lanka

    Microjobs - මුදල් ලැබුණු වගයි

    මම ඔයාලට කලින් පාඩමකින් කිව්වා (පොඩි ජොබ් කර මුදල් උපයමු) Microworkers කියන වෙබ් අඩවියෙන් මුදල් උපයන්න පුළුවන් කියලා , තව කිව්වා මම ඉපයූ මුදල් ඉල්ලුම් කල පසු PIN අංකය ගෙදරට තැපැල් කරනවා කියලා , මම බලාගෙන හිටපු ඒ ලියුම මීට දවස් 5 කට කලින් නිවසට ලැබුනා , පුදුමේ කියන්නේ තැපැල් වර්ජනය තියන දවස් වලමයි එක ලැබුනේ , ඉතින් මම කලේ ඒ PIN අංකය මගේ ගිණුමේ සඳහන් කල එකයි , ඉතින් කියන්න සතුටුයි එසේ කල පසු 2011/11/25 දින මගේ Alertpay ගිණුමට ඔවුන් මුදල් බැර කරලා තිබුනා. කට්ටියම පහත රූපය බලන්නකෝ.





    මම ඩොලර් 9.75 ඉපයූ පසු තමයි මුදල් ඉල්ලුම් කලේ , එත් ඔවුන් එවලා තියෙන්නේ ඩොලර් 9.07 නේද. බයවෙන්න උවමනා නෑ , එකට හේතුව තමයි මගේ ගිණුමට මුදල් බැර කිරීම සඳහා (ඒ කියන්නේ Transaction එකට) පොඩි ගණනක් කපනවා. ගොඩක් E - Currency ගිණුම් වල එහෙම කරනවා. එත් කාරියක් නැනේ , නිකම් මුදල් උපයලා සත ගණනක් කැපුනට මක් වෙනවද.

    මුදල් ලැබෙන අතරතුර තවත් ජොබ් කල නිසා මගේ ගිණුමේ තව ඩොලර් 7.10 තිබෙනවා, ඔයාලට මේ පණිවිඩය දෙන අද දවසේ විතරක් තවත් ජොබ්ස් 8 විතර කළා , ඒ කියන්නේ තව නොබෝ දිනකින් මට තවත් මුදලක් ලබාගන්න පුළුවන් කියන එකයි. එක ලබුනමත් ඔයාලට දැනුම් දෙන්නම්කො , ඉතින් ඔයාලත් මේ විදිහට කැපවීමෙන් වැඩ කරන්න, එහෙම කලොත් සාර්ථක වෙන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්!
    කලින් පාඩම් බලන්න ඕන අය ඉන්නවා නම් පහත ලින්ක් වලට යන්න


    Sunday, November 20, 2011

    Neobux Third Payment - Emoney Sri Lanka

    Neobux - මාගේ තෙවන මුදල ලැබුණු වගයි

    ඔන්න ඉතින් තවත් හොඳ ආරංචියක් කියන්නයි හදන්නේ, Neobux තුලින් මා ලැබූ තෙවන මුදල ඔබට පෙන්වන්නයි හදන්නේ. ඔයාලට කියන්න ඕන මගේ කැපවීම නිසා තමයි මේ තරම් ඉක්මනින් මුදල් හොයන්න හැකියාව ලැබුනේ, මම කලිනුත් කියල තියනවනේ PTC මගින් මුදල් උපයන්න හොඳ ඉවසීමක් / කැපවීමක් අවශ්‍යයි කියල. ඔයාලත් ඒ විදිහට වැඩ කලොත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. පහුගිය පාඩම් බලන්න ඕන අය ඉන්නවා නම් පහත ලින්ක් වලට ගිහින් බලන්න.

    Neobux - හැඳින්වීම

    Neobux - නීති රීති

    PTC භාවිතා කරද්දී ඇතිවිය හැකි ගැටළු (Neobux හා Clixsence සඳහා පොදු වේ)  

    මා ලැබූ මුදල 

     

    Microjobs Second Lesson - Emoney Sri Lanka

    පොඩි ජොබ් කර මුදල් උපයමු (Microjobs) දෙවන පාඩම
     
    හැමෝටම සුබ දවසක්, ඔන්න පොරොන්දු උනා වගේ ආයෙත් ආවා, මේ වතාවේ මම කියල දෙන්නම් Microjobs ගැන වැඩිපුර විස්තර (පින්තූර සමගින්) ඔයාල Microworkers සමග සම්බන්ධ වෙලා ඔබේ ගිණුමට ප්‍රවේශ උනාම මුලින්ම කරන්න තියෙන්නේ මේ ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න එක. පහල රූපය දෙස බලන්න. මේ තියෙන්නේ Menu Bar එක.





    ඉහත රූපය ගැන කෙටි හැඳින්වීමක්

    • Jobs - දැනට පවතිනා (ලැබී ඇති) ජොබ්ස්
    • HM jobs - ඔබ සඳහා පමණක් ලබා දී ඇති ජොබ්ස් (Success Rate / Reputation එක වැඩි අයට මේ සඳහා ඇති අවස්ථාව වැඩියි)
    • Task I Finished - ඔබ විසින් නිම කරන ලද ජොබ්ස්
    • My Campaigns - ඔබ විසින් රැකියාවක් ලබා දෙන්නට සුදානමින් සිටියි නම්, ඒ සඳහා මේ පිටුවට පිවිසෙන්න
    • Deposit - ඔබේ ගිණුමට මුදල් තැන්පත් කිරීමට (ඔබ අන් අයට රැකියාවක් ලබා දෙනවා නම් එයට මුදල් යෙදවීමට, නැතිනම් ඔබ විසින් ඉපයූ මුදල් භාවිතා කල හැක)
    • Withdraw - ඔබ ඉපයූ මුදල් ලබා ගැනීමට ඉල්ලුම් කිරීම
    • Account - ඔබේ ගිණුම පිළිබඳ විස්තර


    ඔබ වෙත ලබා දී ඇති ජොබ්ස් (Jobs මෙනුව ) පහත රූපය බලන්න






    ඔබට පෙනෙනවා ඇති ඉහත රූපයේ මේ එක් එක් කාර්යයන් සඳහා ලැබෙන මුදල් (Payment යටතේ බලන්න) සහ දැනටමත් කී දෙනෙක් මෙම ජොබ් එක කර තිබෙනවාද කියල (Done යටතේ බලන්න), තවද Success % යටතේ ඇත්තේ ඒ ඒ කාර්යයන් සාර්ථකව නිමකළ ප්‍රතිශතයයි.
      
    ඔබ සඳහා පමණක් ලබා දෙන ජොබ්ස් (HM jobs මෙනුව)





    මේ තියෙන්නේ මා විසින් නිම කරන ලද ජොබ්ස් වල රූපසටහනක් (සම්පූර්ණ රූපයම පෙන්වීම නොසුදුසු යයි හැඟුණ නිසා රූපයෙන් අඩක් පමණක් පෙන්වීමට අදහස් කළෙමි)



    ඔය පහලින් තියෙන්නේ මගේ Success Rate එක, තවම නම් එකක් වත් වැරදිලා නෑ, එකට හේතුව තමයි මම ජොබ් තෝරගන්නෙ මට කළහැකි යයි හැඟුනොත් පමණක් නිසා. Not Rated කියල තියෙන්නේ ජොබ් එක සැපයු කෙනා තවම තීරණය (හරිද වැරදිද යයි කියා) කර නොමැති නිසා.



    ඔය ඊළඟට තියෙන්නේ මගේ Reputation එක, වැඩිපුර HM jobs ලබාගන්න නම් Success Rate එක හා Reputation එක හොඳින් තිබිය යුතුයි



    කට්ටියම දැනට ඔය කරුණු ටික අවබෝධයට ගන්න, මේ ගැන තවත් විස්තරයක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා, අයෙත් හමුවෙමු. ඔබට ජය වේවා!

    Wednesday, November 16, 2011

    Microjobs Introduction & First Lessson - Emoney Sri Lanka

    අන්තර්ජාලයෙන් පොඩි ජොබ් කර මුදල් උපයමු (Microjobs)


    කොහොමද හැමෝටම, ඔන්න අදත් ආවා අලුත් පණිවිඩයක් අරන්, අද කියල දෙන්න හදන්නේ අන්තර්ජාලයේ ඇති පොඩි පොඩි ජොබ් කරලා (Microjobs) කරලා මුදල් උපයන ක්‍රමයක් ගැන. මම ටිකක් කල් මේකේ ලියාපදිංචි වෙලා හිටිය, අපිට මේක විශ්වාසද කියලත් බලන්න ඕන නිසා, ලංකාවේ යාළුවො ගොඩක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා, සමහර අය ඩොලර් 900 ඉක්මවා මුදල් උපයල තියෙනවා කිව්වොත් පුදුම හිතෙයි නේද? එක තමයි ඇත්ත. ඒ නිසා කල්පනා කෙරුවා ඔයාලටත් මේ පණිවිඩය දෙන්න.

    ඔයාලට කරන්න තියෙන්නේ මේ අඩවියේ ලබා දෙන ජොබ්ස් හරියට කරන එක, උදාහරණයක් වශයෙන් කිව්වොත් Facebook Wall එකේ post කරන්න, නැතිනම් Twitter ගිණුම Follow කරන්න, නැතිනම් website එකක් Bookmark කරන්න වශයෙන් ගත හැකියි. හැබැයි ඒ ජොබ්ස් කරලා අවසානයේ ඔවුන් ඉල්ලන සාක්ෂි (Proof) හරියට ලබා දෙන්නත් ඕන, නැතිනම් ඔබට මුදල් ලැබෙන්නේ නැ, ඔබ ලබා දෙන සාක්ෂි ඔවුන් විසින් වැරදි ඒවා බවට තහවුරු කලොත් (Deny කලොත්) ඔබේ ලකුණු ගණන (Success Rate) අඩු වීමටද එය හේතුවක් වෙනවා, එසේ උවහොත් ඔබේ ගිණුම අත්හිටුවීමට හෝ තාවකාලික තහනමකට ලක්විය හැක.

    ඔබ මේ සඳහා ලියාපදිංචි වීමේදී ලබා දෙන විස්තර (විශේෂයෙන් ලිපිනය) ඉතා නිවැරදි විය යුතයි. එහෙම කිව්වේ, ඔබ විසින් ඉපයූ මුදල් ඉල්ලුම් කරන අවස්ථාවේ (ඒ සඳහා ඩොලර් 9.75 වඩා ඔබ උපයා තිබිය යුතුයි) ඔවුන් විසින් ඔබ ලබා දුන් ලිපිනයට (E -Mail ලිපිනය නොවේ) Pin අංකයක් එවනු ලබ නිසා, ඔබට කරන්න තියෙන්නේ Pin අංකය ලැබුණු පසු එය ඔබේ ගිණුමේ සඳහන් කිරීමයි. කට්ටියටම කාරණය පැහැදිලි උනා කියල හිතනවා, Pin අංකය ලැබෙන්න නම් ලිපිනය හරියට දෙන්න එපැයි, නැත්නම් සල්ලි අරගෙන ඉවරයි. විශේෂයෙන් සඳහන් කර යුතුයි, ලියාපදිංචි වීමේදී ඔබ ලබා දෙන තොරතුරු කිසිම හේතුවක් නිසා හෝ නැවත වෙනස් කරන්න බෑ. එක නිසා කට්ටියම ඒ ගැනත් අවධානය යොමු කරන්න.

    ඔයාලට ඕන නම් තමන් උපයන මුදල් යොදාගෙන Job එකක් Post කරන්න පුළුවන්, ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ Twitter ගිණුම Follow කරන්න, නැතිනම් website එකක් Bookmark කරන්න වශයෙන් අනෙත් අයට Job ලබාදෙන්න. තමන්ගේ Adsence ගිණුම විනාශ කරගන්න මේක කියාපු තැන. තරහ වෙන්න එපා හොඳේ, එහෙම කිව්වේ මොකද දන්නවද, ගොඩක් අය Job ලබාදෙනවා අනෙක් අයට තමන්ගේ වෙබ් පිටුවට ගොස් දැන්වීම් නරඹන්න කියල, එහෙම උනාම ඉතින් කියන්න ඕන නැනේ මොකද වෙන්නේ කියල, Adsence කියන්නේ PTC වැඩසටහනක් නෙමෙයිනේ. ඒ නිසා කවුරුත් තමන්ගේ වටිනා Adsence ගිණුම විනාශ කරගන්න එපා.

    PTC වැඩසටහන් වගේ නෙමෙයි ඔයාලට ඉතා ඉක්මනින් මේකෙදි මුදල් හොයන්න පුළුවන්, මට ඩොලර් 16 හොයන්න ගියේ මාසයක් වගේ කාලයක්, දැන් මම බලා ඉන්නේ මගේ Pin අංකය ලැබෙන තුරු, ඒ අතරේ තවත් අලුත් Job කරනවා,  ඒ නිසා PTC වැඩසටහන් එපා උන අයට මේක හොඳ අවස්තාවක් වේවි. මේක සාර්ථකව කරන්න නම් පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.


    • දවසට දෙතුන් වතාවක් හෝ ඔබේ ගිණුමට ඇතුල් වී අලුත් Job ලැබී ඇත්දැයි බලන්න
    • ඉතා වැදගත් - තමන්ට කල හැකි මට්ටමේ Jobs පමණක් කරන්න.
    • Job එක නිම කල පසු නිවැරදි සාක්ෂි සපයන්න.
    • ලබා දී ඇති කාල සීමාව තුල Job එක නිම කිරීමට පියවර ගන්න. (නැතිනම් Job එකේ Time එක Expire වේ)
    එහෙනම් කැමති අය පහත ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න, මම මේ ගැන රූපසටහන් සමගින් විස්තරයක් ඉදිරියේදී කරන්නම්, හැමෝටම යහපත් දිනයක් වේවා!






    http://microworkers.com/

    Saturday, November 5, 2011

    Clixsence Latest News - Emoney Sri Lanka

    Clixsence උණුසුම් පුවත් - 1


    ඔන්න දැන් " Clixsence Premium " ගිණුම් හිමියන්ට හොඳ ආරංචියක් කියන්නයි හදන්නේ. Clixsence හි තිබු මුදල් ලබා ගැනීමේ අවම අගය ඒ කියන්නේ " Minimum Payout " එක ඩොලර් 10 සිට ඩොලර් 8 දක්වා අඩු කරලා. ඒ කියන්නේ අපිට ඉක්මනින් මුදල් ලබාගන්න පුළුවන් කියන එකයි. ඔබට ඔබ යටතේ ලියාපදිංචි වූ සාමාජිකයන් නැතත් ඩොලර් 8 සීමාවට ඉක්මනින් ලඟා වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ප්‍රිමියම් ගිණුම් හිමියන්ට වැඩියෙන් දැන්වීම් බලන්න ලැබෙනවා කියල. ඒ නිසා ඔවුන්ට ඉක්මනින් මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

    හැබැයි මේ පහසුකම තියෙන්නේ E -Currency සඳහා පමණයි. ඒ කියන්නේ
    Electronic Payment (Paypal / Alertpay ) සඳහා පමණයි කියන එකයි. ඔබ චෙක් පතක් මාර්ගයෙන් මුදල් ලබා ගැනීමට අදහස් කර සිටිනවා නම් ඩොලර් 10 පිරෙන තෙක් බලා සිටිය යුතුයි.

    තවත් පුවතක් තියෙනවා, ඒ තමයි Clixsence හි ඇති
    Upgrade My Referral program  එක. මේකෙදි ඔයාලට ඔබේ සාමාජිකයෙක්ට ප්‍රිමියම් ගිණුමක් ලබා ගැනීමට දායකත්වය දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රිමියම් ගිණුමක් ලබා ගැනීමට ඩොලර් 15 ක් වැය වෙනවා. නමුත් මෙතනදී ඔබ ඔබේ සාමාජිකයෙක්ට දායකත්වය දක්වන නිසා එය ඩොලර් 12.95 කට ලබාදෙන්න පුළුවන්. මෙහි ඇති වාසිය තමයි ඔවුන්ට ප්‍රිමියම් ගිණුමක් ලැබුණු පසු වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්තාව (වැඩියෙන් දැන්වීම්) ලැබෙනවා. එවිට ඔවුන් වැඩියෙන් දැන්වීම් නරඹනවා, තවත් අලුත් සාමාජිකයන් බඳවා ගන්න උත්සහ කරනවා. ඔවුන් ඒ දේ කරන තරමට ඔබට වැඩියෙන් මුදල් ලැබෙනවා.

    හැබැයි මතක තබා ගත යුතු කරුණක් තියෙනවා, ඒ තමයි මෙහිදී සාමාජිකයෙක්ට  ප්‍රිමියම් ගිණුමක් ලබා දුන් පසු ඔබට ලැබෙන ඩොලර් 2 කොමිස් මුදල ලබන්නේ නැ. කාරණය පැහැදිලියි නේද. ඒ කියන්නේ ඔබ ඔවුන්ට දායකත්වය දක්වන නිසා. මටත් පුළුවන් ඒ වගේ ඔබට දායකත්වය දක්වන්න. හැබැයි එකට පහත සුදුසුකම් සපුරන්න වේවි.
     
    1 - පුරා මාස දෙකක් පුරාවට දැන්වීම් නැරඹිය යුතුයි. (එක් දිනයක් හෝ මග නොහැර, සමහර කරුණු ගැන සලකා බලන්න පුළුවන්, ඒ සඳහා මාව අමතන්න)
     
    2 - ඔබ යටතේ අලුත් සාමාජිකයන් 5 හෝ ඊට වැඩි පිරිසක් බඳවා ගත යුතුයි.
     
    3 - ඔවුනුත් දිනපතා දැන්වීම්
    නැරඹිය යුතුයි. (එහෙම කලොත් ඔබටත් , මටත් හොඳයි)

    ඉහත කරුණු සම්පූර්ණ කරන ඕනෑම අයෙකුට ප්‍රිමියම් ගිණුමක් ලබා දෙන්න මම ලෑස්තියි. (එන පිළිවෙලට , මාත් ඉතින් තාම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයිනේ)

    Clixsence එකෙන් Forum එකක් පටන් ගන්න යන බව ආරංචියි. එක නම් ගොඩක් හොඳයි. එතකොට අපිට සාමාජිකයන් අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න පුළුවන්. එකීනෙකා අතර අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් තවත් පුවතකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.

    අදම ලියාපදිංචි වී මාව අමතන්න. ඔබ ඉහත සුදුසුකම් සම්පූර්ණ කලොත් මගේ ගානේ ප්‍රිමියම් ගිණුමක් තෑගි.

    Neobux First & Second Payments - Emoney Sri Lanka

    Neobux තුලින් මා ලැබූ මුදල් 
     

    පොරොන්දු උනා වගේ ඔන්න ආයෙත් ආවා, අද මම ඔයාලට පෙන්වන්නම් මම Neobux තුලින් දෙවතාවක් මුදල් දිනපු හැටි, මේවා බොරුවට හදපු සාක්ෂි නෙමෙයි, ඇත්තම ඒවා, ඔයාල දන්නවා අද ඉන්ටනෙට් එකේ බොරු " Payment Proof " හදන වෙබ් අඩවි ඕන තරම් තියෙනවා කියල. ඒවා තුලින් අපි ලැබූ මුදල් වගේ සිය ගුණයකින් වැඩි කරලා හොර " Payment Proof " හදන්න පුළුවන්. ඔවුන් එහෙම කරන්නේ තමන් යටතේ වැඩිපුර සාමාජිකයන් පිරිසක් බඳවා ගැනීමට. එත් මගේ අරමුණ ඔයාලට ඇත්ත පහදා දීම. එතකොට ඔයාලටම මේ වැඩසටහන් වල ඇති ගුණ අගුණ / දෝෂ එහෙම බලන්න පුළුවන්. එහෙම දැනුවත් වූ පසු ඒ වැඩසටහන් සමග සම්බන්ධ වෙනවාද නැතිද යන්න ඔබටම තීරණය කල හැක.

    ඔය පහල රූපයෙන් තියෙන්නේ මගේ මුල්ම මුදල (Alertpay ගිණුමට)  ලබා ගත් පසු එවන ලද email එකේ රූපයක් (ආරක්ෂක හේතු මත Referrence Number එක කපාහැරිය බව සලකන්න)



    මේ තියෙන්නේ මගේ දෙවන මුදල ලබා ගත් ආකාරය



    ඉහත රූප වල ඇති දිනයන් ගැන අවධානය යොමු කරන්න. ප්‍රශ්නයක් නේද? මම කෙටි කාලයක් තුල දෙවතාවක් මුදල් දින්නේ කෙසේද? මම කලින් පාඩමෙන් කිව්වා Neobux තුලින් සාමාජිකයන් කුලියට ගන්න පුළුවන් කියල, ඉතින් මම කලේ ඩොලර් 4 ආයෝජනය කරලා 20 දෙනෙක් මාසයක කාලයකට කුලියට ගත්ත, එතකොට ඔවුන් දැන්වීම් බලනකොට ඒ මුදල් අපිට ලැබෙනවා.

    අයෙත් ප්‍රශ්නයක් නේද? ඔවුන් දැන්වීම් නොබැලුවොත් මොකද වෙන්නේ? එතකොට නම් මුදල් ලැබෙන්නේ නැ. එත් මම කලේ දවස් 5 ක්  බලා ඉඳල දැන්වීම් නොබලන අය මාරු කල එක. එකට කියන්නේ Recycle කරනවා කියල, එහෙම එක් අයෙක් මාරු කරන්න සත 7 වැය වෙනවා, එහෙම කරලා තමයි මම දෙවතාවක් මුදල් ගත්තේ. මම ඔයාලට මේ වැඩසටහන ගැන තව විස්තර ඉදිරියේදී කියන්නම්. දැනට පහත කරුණු ගැන අවධානය යොමු කරන්න.

    සාමාජිකයන් ගණන හා කුලියට ගැනීමට වැයවෙන මුදල

    සාමාජිකයන් 3 = ඩොලර් සත 60
    සාමාජිකයන් 5 = ඩොලර් 1
    සාමාජිකයන් 10 = ඩොලර් 2
    සාමාජිකයන් 15 = ඩොලර් 3
    සාමාජිකයන් 20 = ඩොලර් 4
    සාමාජිකයන් 25 = ඩොලර් 5
    සාමාජිකයන් 30 = ඩොලර් 6
    සාමාජිකයන් 40 = ඩොලර් 8
    සාමාජිකයන් 50 = ඩොලර් 10
    සාමාජිකයන් 60 = ඩොලර් 12
    සාමාජිකයන් 70 = ඩොලර් 14
    සාමාජිකයන් 80 = ඩොලර් 16
    සාමාජිකයන් 90 = ඩොලර් 18
    සාමාජිකයන් 100 = ඩොලර් 20

    සාමාජිකයන් වෙනස් කිරීමට (Recycle) - එක් අයෙක් සඳහා - ඩොලර් සත 7

    සාමාජිකයන්ගේ කාලය දීර්ග කිරීමට

    දවස් 15 -
    දවස් 30 - (5 % Discount)
    දවස් 60 - (10 % Discount)
    දවස් 90 - (18 % Discount)
    දවස් 150 - (25 % Discount)
    දවස් 140 - (30 % Discount)

    වැඩි විස්තර  - Neobux Forum

    ලියාපදිංචි නොවූ අය ඉඳියි නම් පහත බැනර් එක ක්ලික් කර ලියාපදිංචි වෙන්න පුළුවන්

    Sunday, October 30, 2011

    Neobux Rules Introduction - Emoney Sri Lanka

    Neobux වල  නීති රීති ගැන යමක්


    ඔන්න ඉතින් පොරොන්දු උනා  වගේ ආවා අලුත් පුවතකුත් අරන්. මම කලින් පාඩමෙන් කිව්වා Neobux වල නීති ටිකක් තදයි කියල, අද පාඩමෙන් දැනගන්න පුළුවන් ඒ නීති මොනවද කියලා. ඒවා නම් පහත පරිදි වේ.

    1. එක් සාමාජිකයෙකුට දැරිය හැක්කේ එක් ගිණුමක් පමණයි
    2. එක පරිගණකයකට එක  ගිණුමක් පමණයි
    3. දිනපතා දැන්වීම් නැරඹිය යුතුයි (තවත් විස්තර කල යුතුයි)
    4. ලියාපදිංචි වීමේදී සපයා ඇති තොරතුරු නිවැරදි විය යුතුයි
    5. එක ඉන්ටනෙට් ගිණුමකින් පිවිසිය හැක්කේ එක සාමාජිකයෙකුට පමණයි (තවත් විස්තර කල යුතුයි)
    6. ඉපයූ මුදල් ලබා ගැනීමට නම් ඔබේ e-currency  (Paypal හෝ Alertpay ) ගිණුම තහවුරු කල යුතුයි (තවත් විස්තර කල යුතුයි) 

    නීති නම් ටිකක් තද වැඩියි නේද? හැබැයි මේවා දාලා තියෙන්නේ හොර කිරීම වැලැක්වීමට සහ අපේම හොඳට. අංක 3 / 5 / 6 නීති ගැන වැඩි විස්තර පහත දක්වා ඇත.

    3 - දිනපතා දැන්වීම් නැරඹිය යුතුයි
     
    මේ නීතියට මම නම් සම්පූර්ණයෙන්ම එකඟයි. හිතන්න ඔබ යටතේ සාමාජිකයින් දසදෙනෙක් ඉන්නවා කියලා , ඔවුන් එක්කෙනෙක් වත් දැන්වීම් බලන්නේ නැතිනම් ඔබට ඇති සෙතක් නැ. ඔබ ඔවුන් ලබාගෙන ඇත්තේ කුලියට නම් (Neobux මගින් ඔබට සාමාජිකයන් කුලියට ගත හැක) ඔවුන් දැන්වීම් නොබලනවා නම් ඔබට සිදුවන්නේ පාඩුවක්. මෙය වැලැක්වීම සඳහායි ඔවුන් මේ නීතිය පනවා තියෙන්නේ. (මෙතන තව ලොකු කතාවක් තියෙනවා, දැන්ම කියලා දෙන්න ගියොත් ඔයාලා පැටලෙනවා, ඒ නිසා දැනට මේ ලින්ක් එකෙන් ගොස් අවබෝධයක් ලබාගන්න. වෙනත් පාඩමකින් පසුවට ඒ ගැන කියල දෙන්නම්)
     

    5 - එක ඉන්ටනෙට් ගිණුමකින් පිවිසිය හැක්කේ එක සාමාජිකයෙකුට පමණයි

    මේක නම් ටිකක් වදයක් වෙන වෙලාවක් තියෙනවා, මේක දාලා තියෙන්නේ හොර කිරීම වැලැක්වීමට, මේ නීතිය යටතේ එක ගිණුම් හිමියෙකුට වඩා Neobux වෙත ඇතුල් වීමට හැකියාවක් නැ. හිතන්න ඔබේ කාර්යාලයේ සාමාජිකයන් තිදෙනෙක් Neobux භාවිතා කරනවා කියල,(ඔවුන් මේ සඳහා පරිගණක 3 ක් භාවිතා කල යුතයි, මතකනේ 2 වන නීතිය) ඔවුන්ගෙන් මුලින්ම ගිණුමට ප්‍රවේශ වෙන කෙනාට තමයි දැන්වීම් නැරඹිය හැක්කේ. අනික් දෙදෙනා ගිණුම සඳහා ප්‍රවේශ වීමේදී ඔවුන්ට මෙවන් පණිවිඩයක් දිස්වෙයි "
    Another user using your IP address has alreadyviewed this advertisement in the last 24 hours " මේකේ තේරුම තමයි එක IP ADDRESS එකක් තුලින් දැනවීම් නැරඹිය හැක්කේ පැය 24 ක කාලයක් සඳහායි. එම කාලය ඉක්මවූ පසු යලිත් දැන්වීම් නැරඹිය හැක. අනික් අයට දැන්වීම් නැරඹීමට නම් ඔවුන් Router / Modem එක Restart කල යුතුයි , (එවිට අලුත් IP Address එකක් ලැබේ) නැතිනම් පැය 24 පසු කල යුතුයි.

    සටහනක් - ඉන්ටනෙට් ඩොන්ගල් භාවිතා කරන අය නිතරම මේ ගැටළුවට මුහුණ දෙනවා. එවිට කල යුත්තේ ඩොන්ගලය විසන්ධි කර නැවත සවි කිරීමයි.
     

    6 - ඉපයූ මුදල් ලබා ගැනීමට නම් ඔබේ e-currency  (Paypal හෝ Alertpay ) ගිණුම තහවුරු කල යුතුයි

    ඔබ PTC වැඩසටහන් සමග සම්බන්ද වේ නම්
    ඔබේ e-currency ගිණුම සඳහා Alertpay භාවිතා කිරීම වඩාත් සුදුසුයි. (Paypal මගින් මුදල් වියදම් කල හැකි නමුත්, එමගින් ලංකාවට මුදල් ගෙන්වා ගත නොහැකි නිසා) තවද ඔබ තෝරා ගන්නා Alertpay ගිණුම ඔබේම බවට තහවුරු කල යුතුයි. මේ සඳහා ක්‍රම කිහිපයක් ඇත (බැංකු ගිණුම සම්බන්ද කිරීම / ක්‍රෙඩිට් කාඩ් එක සම්බන්ද කිරීම / ජංගම දුරකථනය තහවුරු කිරීම ) එසේ තහවුරු කරගත් ගිණුමෙන් ඔබ Neobux සඳහා යම්කිසි මුදලක් ආයෝජනය කර තිබිය යුතුයි. (බයවෙන්න එපා, ක්‍රෙඩිට් කාඩ් නැහැයි කියල. ඔබට Alertpay ගිණුම සඳහා මුදල් ලබා ගත හැකි ක්‍රම තව තියෙනවා. එසේ ලබා ගත් මුදල් Neobux සඳහා ආයෝජනය කල හැකියි, ඒ ගැන පසුවට කියල දෙන්නම්) එසේ ආයෝජනය කල පසු, ඔබ Neobux මගින් උපයා ගන්නා මුදල් ඔවුන්, ඔබ විසින් තහවුරු කල Alertpay ගිණුමට බැර කරයි.

    මේ නීති රීති පිළිපැදිය හැකි කවුරුන් හෝ වේ නම් ඔවුන්
    Neobux සඳහා ලියාපදිංචි වෙන්න. මගේ මතය තමයි ජනතාවට ඇත්ත වටහා දීම. ඔවුන් නිවැරදිව දැනුවත් වූ පසු e -money මුසාවල් , බේගල් වලට තවදුරටත් හසු නොවේවි. ඊළඟ වතාවේ මම ඔයාලට පෙන්වන්නම් මම Neobux මගින් මුදල් ලබා ගත් හැටි (පින්තුර සමගින්) එතකන් ගිහින් එන්නම්.

    නොමිලේ Alertpay ගිණුමක් සාදා ගැනීමට පහත බැනර් එක ක්ලික් කරන්න 




    Neobux සඳහා සම්බන්ධ වීමට පහත බැනර් එක ක්ලික් කරන්න




    Saturday, October 22, 2011

    Introduction To Neobux - Emoney Sri Lanka

    Neobux ගැන හැඳින්වීමක්
     

    අද මම ඔයාලට හඳුන්වා දෙනවා තවත් එක් විශ්වාසනීය  PTC වැඩසටහනක් ගැන. මේකත් හරියට Clixsence වගේම තමයි. ඔයාලට කරන්න තියෙන්නේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙලා දිනපතා දැන්වීම් බලන එකයි. හැබැයි මේකේ නීතිරීති නම් ටිකක් තද වැඩියි. මෙම වැඩසටහන සඳහා විශේෂ ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා තියෙනවා. එක නිසා කවුරුත් හොර කරන්න නම් යන්න එපා. එහෙම උනොත් ඔබේ ගිණුම අවලංගු වේවි. අයෙත් වැඩසටහන සමග සම්බන්ද වෙන්නත් බැරි වේවි. 

    මේකෙදී ඔයාලට ඉතා ඉක්මනින් ඔබේ ඉලක්කයන් වෙත ලඟා වීමේ පහසුකම් ලබා දී තිබෙනවා. (සාමාන්‍ය ගිණුමක් ඇති අයටත් පුළුවන්, හැබැයි පොඩි මුදලක් ආයෝජනය කරන්න වෙනවා)

    Neobux මගින් ඔබට සාමාජිකත්වය සඳහා අයදුම් කල හැකි ක්‍රම කීපයක් තියෙනවා. තවද ඒ ඒ ගිණුම සඳහා විශේෂ පහසුකම්ද ලබා දී තිබෙනවා. සාමාජික ගිණුම් වර්ගය හා ඒ සඳහා වසරකට ගෙවිය යුතු මුදල පහත පරිදි වේ.
    1. Standard (අය කිරීමක් නැත)
    2. Golden (ඩොලර් 90)
    3. Emerald , Sapphire (ඩොලර් 290)
    4. Platinum , Diamond (ඩොලර් 490)
    5. Ultimate (ඩොලර් 890)
    පුදුමයි නේද? Clixsense සමග සසඳා බලන කල , Neobux සාමාජිකත්ව සඳහා වසරකට ඔබට ගෙවීමට සිදුවන මුදල අති විශාලය (සාමාන්‍ය / standard , ගිණුම හැර) එත් ඉතා විශාල සාමාජිකයන් පිරිසක් Golden හා ඊට ඉහල සාමාජිකත්වයන් දරනවා කිව්වොත් ඔබ තවත් පුදුම වේවි. ඔවුන් එසේ ඉහල මුදලක් ගෙවා මේ වැඩසටහන සමග රැඳෙන්නේ මෙහි ඇති විශ්වාස බව හා ඔවුන් ලබන ඉහල ලාබය නිසයි.

    මමම් තවම දරන්නේ සාමාන්‍ය ගිණුමක් පමණයි. එත් මම ඩොලර් 5 වැනි සුළු මුදලක් ආයෝජනය කර දැනට දෙවතාවක් මුදල් ලබා තියෙනවා. දැන් අපේක්ෂා කරමින් ඉන්නේ මගේ තෙවන මුදල ලබාගන්නයි. 

    මේ සඳහා ඔබව දැනුවත් කිරීමට ඇති කරුණු බොහෝයි. බයවෙන්න එපා, ඒ එකක් නෑර මම ඔයාලට කියල දෙන්නම්. දැනට කාට හරි වැඩි විස්තර බලන්න ඕන නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න. වැඩසටහන සමග සම්බන්ද වීමට කැමති අය සිටියි නම් පහත බැනර් එක ක්ලික් කර ලියාපදිචි වෙන්න.



    ඊළඟ පාර මම මෙහි ඇති, දැනගත යුතුම කරුණු ගැන කියල දෙන්නම්, එතකන් ගිහින් එන්නම්.

    Tuesday, October 18, 2011

    Introduction To Clixsence & Referrals - Emoney Sri Lanka

    Clixsense සහ Referrals හැඳින්වීමක්


    ඉතින් ටික දවසකට පස්සේ අලුත් විස්තරයක් එක්ක ආයෙත් අවා ඔයාලා හමුවෙන්න. අපි අද කතා කරමු clixsence වල ඇති referrals ගැන.ඔයාලා දන්නවනේ මේ වැඩේ අපිට ඉතා සාර්ථකව කරන්න පුළුවන් සාමාජිකයෝ ගොඩක් ඉන්න තරමට. හැබැයි ඒ අයට කැපවීම, උනන්දුව, ඉවසීම , කියන ගුණාංග තිබිය යුතුමයි.ඔයාලට කරන්න තියෙන්නේ තවත් අලුත් සාමාජිකයෝ ඔබ යටතේ බඳවා ගැනීමයි. මේ සඳහා ඔබගේ "referral ලින්ක්" එක භාවිතා කරන්න. ඔබ දවස ගානේ දැන්වීම් බලනවා වගේ ඔබේ සාමාජිකයොත් බලනවා නම්, ඔබට දවසකට සැහෙන මුදලක් සොයා ගත හැකියි. (පහත රූපය දෙස බලන්න)


    සැලකිය යුතුයි - රුපයේ ආකාරයට පියවර 8 ක්  පහලට ගමන් කල හැක්කේ ප්‍රිමියම් සාමාජිකයන්ට පමණි. සාමාන්‍ය සාමාජිකයන්ට ගමන් කල හැක්කේ ඒක් පියවරක් පමණි. වැඩි විස්තර සඳහා පහත රුපය බලන්න.මෙහි දක්වා ඇත්තේ " ප්‍රිමියම් සහ සාමාන්‍ය සාමාජිකයන්ට " ලැබෙන වාසි අතර වෙනස්කම්ය.


    පහත රුපයෙන් දැක්වෙන්නේ (ඔබ ප්‍රිමියම් සාමාජිකයෙක් නම්) ඔබ යටතේ ඉන්නා සාමාජිකයන් ඔවුන්ගේ සාමාජිකත්වය " ප්‍රිමියම්  " දක්වා උසස් කළහොත් ඔබට ලැබෙන වාසින්ය.


    ඔබත් ඔබගේ ගිණුම " ප්‍රිමියම් " දක්වා උසස් කළහොත් වාසි රැසක් ලබා ගත හැක. සාමාජිකයන් වැඩියෙන් බඳවා ගන්න, එහෙම කලොත් ඔබ දිනුම්.

    1. clixsence නිවැරදිව භාවිතා කිරීමට උපදෙස් සඳහා මේක බලන්න.
    2. clixsence නීති ගැන දැනගැනීමට මේක බලන්න.
    3. අපෝ මේක එපා වෙන වැඩක්නේ, එහෙම නම් මේක බලන්න.
     තවමත් ලියාපදිංචි නොවුන අය සිටියි නම් පහත බැනර් එක ක්ලික් කර ලියාපදිංචි වෙන්න.


      Wednesday, September 21, 2011

      Clixsence Major Rules Introduction - Emoney Sri Lanka

      Clixsence වල ඇති ප්‍රධානතම නීති රීති ගැන ටිකක්


      එහෙනම් අපි clixsence වල ඇති ප්‍රධානතම නීති රීති ගැන ටිකක් කතා කරමු.
      1. එක් සාමාජිකයෙකුට දැරිය හැක්කේ එක clixsence ගිණුමක් පමණයි
      2. එක පරිගණකයකට එක clixsence  ගිණුමක් පමණයි
      3. clixsence සඳහා ලියාපදිංචි වීමේදී සපයා ඇති තොරතුරු නිවැරදි විය යුතුය
      4. clixsence සාමාජිකත්වය දැරීමට නම් අවුරුදු 16 ට වැඩි විය යුතයි
      5. තමන්ගේ referral ලින්ක් එක ප්‍රසිද්ධ කිරීම සඳහා spam කිරීම නොකළ යුතුය
      6. දැන්වීම් නැරඹීම සඳහා රොබෝ වැඩසටහන් යොදා ගැනීම තහනම්ය
      ඉතා වැදගත් - ඔබ ඉහත දක්වා ඇති නීති රීති වලට පටහැනිව ක්‍රියා කළහොත්, එය ඔබගේ සාමාජිකත්වය තහනම් වීමට හේතු විය හැක.

      මෙහි දක්වා ඇත්තේ ප්‍රධානතම නීති රීති කිහිපයක් පමණි. සම්පූර්ණ නීති මාලාව පිළිබඳව දැනුවත් වීමට clixsence වෙබ් අඩවියේ user agreement පිටුවට පිවිසෙන්න.


      ඉහත නීති සම්බන්දව ඔබට ඇති විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු

      ප්‍රශ්නය - අපේ ගෙදර තියෙන්නේ එක කොම්පියුටර් එකක් පමණයි, ගෙදර දෙදෙනෙකුට clixsence භාවිතා කල හැකිද?

      පිළිතුර - ගෙදර සාමාජිකයන් දෙදෙනෙකුට හෝ වැඩි ගණනක් clixsence සඳහා ලියාපදිංචි වීමට ගියොත් හැමෝටම ප්‍රශ්න ඇතිවිය හැක. (ඔබ සපයන සමහර තොරතුරු සමාන වන නිසා. උදා- දුරකථන අංක, ලිපිනය) මේවා වෙනස් කර ඔබ ලියාපදිංචි වුවත්,(එවිට ඔබ 3 වන නීතිය කඩ කරයි) එකම පරිගණකය පාවිච්චි කලොත් 2 වන නීතිය කඩ වන නිසා හැමෝගෙම සාමාජිකත්වය තහනමට ලක්වනු ඇත.

      ප්‍රශ්නය - මට ගෙදරින් පිට වෙනත් ස්ථානයක සිට clixsence ගිණුමට ප්‍රවේශ විය හැකිද?

      පිළිතුර - ඔව්, ඔබට වෙනත් ස්ථානයක සිට වුවත් ඔබේ ගිණුමට ප්‍රවේශ විය හැක. (උදා - කාර්යාලයේදී)

      ඔබට තවත් ප්‍රශ්න පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය වේ නම්  clixsence වෙබ් අඩවියේ FAQ පිටුවට පිවිසෙන්න.

      තවමත් ඔබ clixsence වල ලියාපදිංචි වෙලා නැත්නම්, පහළ ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න.




      Friday, September 16, 2011

      Correct Way To Use Clixsence - Emoney Sri Lanka

      Clixsence නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද

      පළමුව ඔබේ clixsence ගිණුමට ඇතුල් වෙන්න.view ads බොත්තම ඔබන්න.එවිට පහත ආකාරයේ පණිවිඩයක් දිස් වුනොත් කලබල වෙන්න එපා.


      එකට හේතුව ඔබ ගිණුමට ඇතුල් වී මද වෙලාවක් පමණක් නිසා.ටිකක් වෙලා ඉඳල නැවතත් view ads බොත්තම ඔබන්න.එවිට ඔබට පහත රූපයේ ආකාරයට දැන්වීම් දිස් වේවි.(පහතින් ඇත්තේ මගේ ගිණුමට ඇතුල් වූ පසු ගත් රුපයයි. මෙය සාමාජිකත්වය මත වෙනස් වේ.)


      දැන් වාරයකට එකක් බැගින් මේ දැන්වීම් ක්ලික් කරන්න.එවිට අලුත් පිටුවකින් දැන්වීම ආරම්භ වෙයි.පහතින් ඇති රූපය දෙස බලන්න.


       
      ඔබට පෙනෙනවා ඇති මෙහි පින්තුර අතර එක සමාන පින්තුර දෙකක් තියෙනවා. දැන් ඔබට කරන්න තියෙන්නේ = ලකුණට පිටුපස ඇති රුප හතරෙන් නිවැරදි රුපය ක්ලික් කිරීමයි. එවිට ඔබට පහත පරිදි රුපයක් දිස්වේවි.



      දැන් ඔබට කරන්න තියෙන්නේ ලබා දී ඇති කාල සීමාව තුල මේ දැන්වීම නැරඹීම පමණයි. අවසානයේ ඔබේ ගිණුමට මුදල් බැර වේ. පහත රුපය දෙස බලන්න.



      මේ ආකාරයට සියලු දැන්වීම් නැරඹු පසු පහත රුපය පරිදි දිස්වෙයි.


       
      ඔවදනක් - ඔබ දිනකට දෙතුන් වතාවක් හෝ ගිණුමට ඇතුල් උනොත් , ඔබට micro ads කාණ්ඩයේ දැන්වීම් නැරඹිය හැක. පැය 24 ඉක්මවූ පසු පෙර දින පරිදිම දැන්වීම් නැරඹිය හැක.


      මේ ආකාරයට දිනපතා දැන්වීම් නරඹන්න.ඔබේ සාර්ථකත්වය පවතින්නේ ඔබට ඇති කැපවීම සහ උනන්දුව මතයි.

      වැදගත්:
      • ඔබට දිනකට ලැබෙන දැන්වීම් ප්‍රමාණය රඳා පවතින්නේ ඔබ දැනට දරන සාමාජිකත්වය මතයි. 
      • ඒවාට ලැබෙන මුදලද රඳා පවතින්නේ ඔබ දැනට දරන සාමාජිකත්වය මතයි.

      අපි ඊළඟ පාඩමෙන් clixsence වල තිබෙන නීති රීති ගැන කතා කරමු. එතකන් ගිහින් එන්නම්.


      අලුතින් ලියාපදිංචි වීමට පහත රුපය ක්ලික් කරන්න.




      Saturday, September 10, 2011

      How To Use Clixgrid In Clixsence - Emoney Sri Lanka

      Clixsence හි ඇති clixgrid භාවිතා කරන හැටි

      ඔන්න පොරොන්දු උනා වගේ අපි අවා සාක්ෂිත් අරගෙනම. අපි මුලින්ම clixgrid ගැන ටිකක් කතා කරමු. මෙතැනදී වෙන්නේ යම් කිසි පින්තුරයක් ලබා දී එය කොටු 600 කට බෙදා තියෙනනවා.මෙහිදී අපිට කරන්න තියෙන්නේ මේ එක එක කොටුව බැගින් ක්ලික් කර අපේ වාසනාව උරගා බලන එක. එත් මෙහිදී යම් යම් සීමාවන් තිබෙනවා. ඒවා පහත පරිදි වේ.

      • සාමාන්‍ය clixsence ගිණුමක් තිබෙන අයට හිමිවෙන්නේ ක්ලික් අවස්ථා 25 කි.
      • ප්‍රිමියම් clixsence ගිණුමක් තිබෙන අයට හිමිවෙන්නේ ක්ලික් අවස්ථා 50 කි.
      • මෙය පැය 24 කාලයක් සඳහා වේ.
      • ක්ලික් අවස්ථා නිම වූ පසු නැවත ක්ලික් කල හැක්කේ පැය 24 ඉක්මවූ පසුය.
      ඔවදනක් - clixgrid වාසනාව උරගා බැලීමට ප්‍රථම ඔබට දිනකට ලැබෙන ඇඩ්ස් මුලින්ම බලන්න. නැතහොත් ඒවා මගහැරී යන්න පුළුවන්.

      clixgrid වෙත ප්‍රවේශ වීම සඳහා පහත රූපයේ 3 වැනියට දක්වා ඇති කොටුව ක්ලික් කරන්න.


      මම clixgrid දිනපු හැටි පහතින් බලන්න. nscom නමින් දක්වා ඇත්තේ මගේ නමයි.

      පළමු අවස්ථාව (එකම දිනයේ)


       දෙවන අවස්ථාව (එකම දිනයේ)

        
      ඔබ ජයග්‍රාහකයෙක් බව කියනා පණිවිඩය



      මේ ආකාරයට මම තුන් වතාවක් දිනලා තියෙනවා. මෙතනදී අපිට ඩොලර් 5 දක්වා දිනාගන්න පුළුවන්. ඔය ඉහල පින්තුරවල දක්වා ඇති අන්තිමට දිනාගත්ත අයගේ ලැයිස්තුව. එහෙනම් ඔබත් වාසනාව උරගා බලන්න. දින්නොත් මෙතන comment එකක් දාන්න. තවත් අලුත් පුවතක් රැගෙන මම අයෙත් එන්නම්.ජය වේවා.

      තවමත් ලියාපදිංචි වෙච්ච නැති අය ඉන්නවා නම් පහල රූපය ක්ලික් කර ලියාපදිංචි වෙන්න


      Wednesday, September 7, 2011

      Problems You May Experience In PTC - Emoney Sri Lanka

      PTC භාවිතයේදී ඔබට ඇති විය හැකි ගැටළු - (clixsence)

      අපි අද කතා කරමු PTC භාවිතා කිරීමේදී ඔබට පැන නගින ගැටළු සම්බන්දව, මෙය ඉතා පුළුල්ව සාකච්චා කල යුතු අතර, ඒ සඳහා පසුවට ඉඩ තබා ඉතා කෙටියෙන් පැනය සහ පිළිතුර වශයෙන් අපි කතා කරමු.

      පැනය -  ගෙවන ගාන මදිනේ

      පිළිතුර - ඇත්ත, ඔබ නිවැරදියි, ඔබ මේ කටයුත්තේදී තනිව සිටියි නම් ඔබට මුදල් ඉපයීම සඳහා යම් කිසි කාලයක් ගතවේ (ප්රිමියම් සාමාජිකත්වයත් නැතිනම්), මෙහිදී ඔබ කල යුත්තේ තවත් අලුත් සාමාජිකයන් ඔබ යටතේ බඳවා ගැනීමයි, එවිට ඔවුන් උපයන මුදලින් යම්කිසි කොමිස් මුදලක් ඔබට ලැබෙනවා. මෙහෙම හිතමු, ඔබ සාමාජිකයන් 10 දෙනෙක් ඔබ යටතේ බඳවා ගත්තා, ඉන් ඉන්පසු ඔවුනුත් තමන් යටතේ 10 දෙනෙක් බඳවා ගත්තා, මේ ආකාරයට අපිට පියවර ගණනාවක් ඉදිරියට යා හැක. ටිකක් සිතා බලන්න එවිට ඔබට දිනකට ලැබෙන මුදල ගැන.එවිට ඔබ ඔබට ලැබෙන ගාන පිළිබඳව සෑහීමකට පත්වෙනු නිසැකයි.

      පැනය - අපෝ මේක එපා වෙන වැඩක්නේ. ඇඩ්ස් බලන්න?

      පිළිතුර - යාලුවනේ මේක කරන්නේ මෙහෙමයි, ඔබට දිනකට ලැබෙන ඇඩ්ස් බලන්න වැඩිම උනොත් විනාඩි 30 යයි, ඉතින් අපට කරන්න තියෙන්නේ මේක දවස ගානේ පුරුද්දක් වශයෙන් කරන එක. ටිකක් හිතන්න ඔබට දිනකට Facebook / Myspace / Twitter වැනි දේට පැය ගණන් ගත කරන්න පුළුවන් නම්, Yahoo Mail / Gmail / Chat සඳහා කාලය තිබේ නම්, මුදලක් උපයා ගන්න තියෙන විනාඩි 30 වැනි කාලය
      ලොකු දෙයක් නෙමෙයි නේද.

      පැනය - අපට කොයිද ඕවට වෙලාවක්/ වැඩ වැඩියිනේ 

      පිළිතුර -
      මෙය ඔබට ගෙදරදී ලේසියෙන්ම කරන්න පුළුවන්, නැතිනම් කාර්යාලයේදී ඉඩක් ඇති විට / කෑම පැයේදී කරන්න පුළුවන්, මම කලිනුත් කිව්වනේ විනාඩි 30 කියන්නේ සුළු කාලයක්. විශේෂයෙන් කිව යුතයි ඔබට අමතර ආදායමක් උපයා ගැනීමේ පැහැදිලි අදහසක් තිබෙනවා, ඒ සඳහා උනන්දුව තිබෙනවා නම් වෙලාව ප්‍රශ්නයක් නෙමේ.

      පැනය - මට මේකෙන් ලැබෙන මුදල ප්‍රමාණවත්ද?

      පිළිතුර - මෙතනදී යමක් පැහැදිලිව කිව යුතුයි, මේක ඔබ ජීවිතයේ අමතර ආදායමක් වශයෙන් තබාගන්න. සමහර අය එය තමන්ගේ ප්‍රදාන ආදායම වශයෙන් තබාගෙන ක්‍රියා කරන්න යනවා, එහෙම කරද්දී අපි කලින් කතා කරපු ප්‍රශ්න අවොත් ලොකු අවුලක් වෙනවා, මේක
      ඉතා සාර්ථකව කරන ගොඩක් දෙනෙක් ඉන්නවා, ඔවුන් ඒ තත්වයට ඇවිත් ඉන්නේ බොහොම මහන්සියෙන් හා කැපවීමෙන්.ඔබත් ඒ වගේ ක්‍රියා කලොත් ඉතා සාර්ථක ගමනක් යන්න පුළුවන්.

      පැනය - හොඳයි, මම මොනවද කරන්න ඕන?

      පිළිතුර - දිනපතා ඇඩ්ස් බැලීමට හුරුවෙන්න, දිනපතා අලුතින් සාමාජිකයන් බඳවා ගන්න බලන්න, ඔවුන්වත් දිනපතා ඇඩ්ස් බැලීමට හුරු කරවන්න, ඔබේ සාමාජිකත්වය ප්‍රිමියම් දක්වා උසස් කරගන්න, එතකොට් වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්ථාව ඔබට හිමි
      වෙනවා. මේ සියලු දේ සාර්ථකව කලොත් ඔබ දිනනවා නියතයි.

      *** ඊළඟ පාඩමෙන් clixsence හි ඇති clixgrid ගැන කතා කරමු, මම දැනට 3 වතාවක් දින්නා, සාක්ෂිත් (පින්තුරත්) එක්කම පෙන්නන්නම්කො, එතකන් ගිහින් එන්න අවසරයි.***

      කාටහරි clixsence වල ලියාපදිංචි වෙන්න ඕන නම් පහත ලිපිනයට යන්න.