Sunday, October 30, 2011

Neobux Rules Introduction - Emoney Sri Lanka

Neobux වල  නීති රීති ගැන යමක්


ඔන්න ඉතින් පොරොන්දු උනා  වගේ ආවා අලුත් පුවතකුත් අරන්. මම කලින් පාඩමෙන් කිව්වා Neobux වල නීති ටිකක් තදයි කියල, අද පාඩමෙන් දැනගන්න පුළුවන් ඒ නීති මොනවද කියලා. ඒවා නම් පහත පරිදි වේ.

  1. එක් සාමාජිකයෙකුට දැරිය හැක්කේ එක් ගිණුමක් පමණයි
  2. එක පරිගණකයකට එක  ගිණුමක් පමණයි
  3. දිනපතා දැන්වීම් නැරඹිය යුතුයි (තවත් විස්තර කල යුතුයි)
  4. ලියාපදිංචි වීමේදී සපයා ඇති තොරතුරු නිවැරදි විය යුතුයි
  5. එක ඉන්ටනෙට් ගිණුමකින් පිවිසිය හැක්කේ එක සාමාජිකයෙකුට පමණයි (තවත් විස්තර කල යුතුයි)
  6. ඉපයූ මුදල් ලබා ගැනීමට නම් ඔබේ e-currency  (Paypal හෝ Alertpay ) ගිණුම තහවුරු කල යුතුයි (තවත් විස්තර කල යුතුයි) 

නීති නම් ටිකක් තද වැඩියි නේද? හැබැයි මේවා දාලා තියෙන්නේ හොර කිරීම වැලැක්වීමට සහ අපේම හොඳට. අංක 3 / 5 / 6 නීති ගැන වැඩි විස්තර පහත දක්වා ඇත.

3 - දිනපතා දැන්වීම් නැරඹිය යුතුයි
 
මේ නීතියට මම නම් සම්පූර්ණයෙන්ම එකඟයි. හිතන්න ඔබ යටතේ සාමාජිකයින් දසදෙනෙක් ඉන්නවා කියලා , ඔවුන් එක්කෙනෙක් වත් දැන්වීම් බලන්නේ නැතිනම් ඔබට ඇති සෙතක් නැ. ඔබ ඔවුන් ලබාගෙන ඇත්තේ කුලියට නම් (Neobux මගින් ඔබට සාමාජිකයන් කුලියට ගත හැක) ඔවුන් දැන්වීම් නොබලනවා නම් ඔබට සිදුවන්නේ පාඩුවක්. මෙය වැලැක්වීම සඳහායි ඔවුන් මේ නීතිය පනවා තියෙන්නේ. (මෙතන තව ලොකු කතාවක් තියෙනවා, දැන්ම කියලා දෙන්න ගියොත් ඔයාලා පැටලෙනවා, ඒ නිසා දැනට මේ ලින්ක් එකෙන් ගොස් අවබෝධයක් ලබාගන්න. වෙනත් පාඩමකින් පසුවට ඒ ගැන කියල දෙන්නම්)
 

5 - එක ඉන්ටනෙට් ගිණුමකින් පිවිසිය හැක්කේ එක සාමාජිකයෙකුට පමණයි

මේක නම් ටිකක් වදයක් වෙන වෙලාවක් තියෙනවා, මේක දාලා තියෙන්නේ හොර කිරීම වැලැක්වීමට, මේ නීතිය යටතේ එක ගිණුම් හිමියෙකුට වඩා Neobux වෙත ඇතුල් වීමට හැකියාවක් නැ. හිතන්න ඔබේ කාර්යාලයේ සාමාජිකයන් තිදෙනෙක් Neobux භාවිතා කරනවා කියල,(ඔවුන් මේ සඳහා පරිගණක 3 ක් භාවිතා කල යුතයි, මතකනේ 2 වන නීතිය) ඔවුන්ගෙන් මුලින්ම ගිණුමට ප්‍රවේශ වෙන කෙනාට තමයි දැන්වීම් නැරඹිය හැක්කේ. අනික් දෙදෙනා ගිණුම සඳහා ප්‍රවේශ වීමේදී ඔවුන්ට මෙවන් පණිවිඩයක් දිස්වෙයි "
Another user using your IP address has alreadyviewed this advertisement in the last 24 hours " මේකේ තේරුම තමයි එක IP ADDRESS එකක් තුලින් දැනවීම් නැරඹිය හැක්කේ පැය 24 ක කාලයක් සඳහායි. එම කාලය ඉක්මවූ පසු යලිත් දැන්වීම් නැරඹිය හැක. අනික් අයට දැන්වීම් නැරඹීමට නම් ඔවුන් Router / Modem එක Restart කල යුතුයි , (එවිට අලුත් IP Address එකක් ලැබේ) නැතිනම් පැය 24 පසු කල යුතුයි.

සටහනක් - ඉන්ටනෙට් ඩොන්ගල් භාවිතා කරන අය නිතරම මේ ගැටළුවට මුහුණ දෙනවා. එවිට කල යුත්තේ ඩොන්ගලය විසන්ධි කර නැවත සවි කිරීමයි.
 

6 - ඉපයූ මුදල් ලබා ගැනීමට නම් ඔබේ e-currency  (Paypal හෝ Alertpay ) ගිණුම තහවුරු කල යුතුයි

ඔබ PTC වැඩසටහන් සමග සම්බන්ද වේ නම්
ඔබේ e-currency ගිණුම සඳහා Alertpay භාවිතා කිරීම වඩාත් සුදුසුයි. (Paypal මගින් මුදල් වියදම් කල හැකි නමුත්, එමගින් ලංකාවට මුදල් ගෙන්වා ගත නොහැකි නිසා) තවද ඔබ තෝරා ගන්නා Alertpay ගිණුම ඔබේම බවට තහවුරු කල යුතුයි. මේ සඳහා ක්‍රම කිහිපයක් ඇත (බැංකු ගිණුම සම්බන්ද කිරීම / ක්‍රෙඩිට් කාඩ් එක සම්බන්ද කිරීම / ජංගම දුරකථනය තහවුරු කිරීම ) එසේ තහවුරු කරගත් ගිණුමෙන් ඔබ Neobux සඳහා යම්කිසි මුදලක් ආයෝජනය කර තිබිය යුතුයි. (බයවෙන්න එපා, ක්‍රෙඩිට් කාඩ් නැහැයි කියල. ඔබට Alertpay ගිණුම සඳහා මුදල් ලබා ගත හැකි ක්‍රම තව තියෙනවා. එසේ ලබා ගත් මුදල් Neobux සඳහා ආයෝජනය කල හැකියි, ඒ ගැන පසුවට කියල දෙන්නම්) එසේ ආයෝජනය කල පසු, ඔබ Neobux මගින් උපයා ගන්නා මුදල් ඔවුන්, ඔබ විසින් තහවුරු කල Alertpay ගිණුමට බැර කරයි.

මේ නීති රීති පිළිපැදිය හැකි කවුරුන් හෝ වේ නම් ඔවුන්
Neobux සඳහා ලියාපදිංචි වෙන්න. මගේ මතය තමයි ජනතාවට ඇත්ත වටහා දීම. ඔවුන් නිවැරදිව දැනුවත් වූ පසු e -money මුසාවල් , බේගල් වලට තවදුරටත් හසු නොවේවි. ඊළඟ වතාවේ මම ඔයාලට පෙන්වන්නම් මම Neobux මගින් මුදල් ලබා ගත් හැටි (පින්තුර සමගින්) එතකන් ගිහින් එන්නම්.

නොමිලේ Alertpay ගිණුමක් සාදා ගැනීමට පහත බැනර් එක ක්ලික් කරන්න 




Neobux සඳහා සම්බන්ධ වීමට පහත බැනර් එක ක්ලික් කරන්න




No comments:

Post a Comment