Saturday, November 26, 2011

Microjobs First Payment - Emoney Sri Lanka

Microjobs - මුදල් ලැබුණු වගයි

මම ඔයාලට කලින් පාඩමකින් කිව්වා (පොඩි ජොබ් කර මුදල් උපයමු) Microworkers කියන වෙබ් අඩවියෙන් මුදල් උපයන්න පුළුවන් කියලා , තව කිව්වා මම ඉපයූ මුදල් ඉල්ලුම් කල පසු PIN අංකය ගෙදරට තැපැල් කරනවා කියලා , මම බලාගෙන හිටපු ඒ ලියුම මීට දවස් 5 කට කලින් නිවසට ලැබුනා , පුදුමේ කියන්නේ තැපැල් වර්ජනය තියන දවස් වලමයි එක ලැබුනේ , ඉතින් මම කලේ ඒ PIN අංකය මගේ ගිණුමේ සඳහන් කල එකයි , ඉතින් කියන්න සතුටුයි එසේ කල පසු 2011/11/25 දින මගේ Alertpay ගිණුමට ඔවුන් මුදල් බැර කරලා තිබුනා. කට්ටියම පහත රූපය බලන්නකෝ.





මම ඩොලර් 9.75 ඉපයූ පසු තමයි මුදල් ඉල්ලුම් කලේ , එත් ඔවුන් එවලා තියෙන්නේ ඩොලර් 9.07 නේද. බයවෙන්න උවමනා නෑ , එකට හේතුව තමයි මගේ ගිණුමට මුදල් බැර කිරීම සඳහා (ඒ කියන්නේ Transaction එකට) පොඩි ගණනක් කපනවා. ගොඩක් E - Currency ගිණුම් වල එහෙම කරනවා. එත් කාරියක් නැනේ , නිකම් මුදල් උපයලා සත ගණනක් කැපුනට මක් වෙනවද.

මුදල් ලැබෙන අතරතුර තවත් ජොබ් කල නිසා මගේ ගිණුමේ තව ඩොලර් 7.10 තිබෙනවා, ඔයාලට මේ පණිවිඩය දෙන අද දවසේ විතරක් තවත් ජොබ්ස් 8 විතර කළා , ඒ කියන්නේ තව නොබෝ දිනකින් මට තවත් මුදලක් ලබාගන්න පුළුවන් කියන එකයි. එක ලබුනමත් ඔයාලට දැනුම් දෙන්නම්කො , ඉතින් ඔයාලත් මේ විදිහට කැපවීමෙන් වැඩ කරන්න, එහෙම කලොත් සාර්ථක වෙන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්!
කලින් පාඩම් බලන්න ඕන අය ඉන්නවා නම් පහත ලින්ක් වලට යන්න


Sunday, November 20, 2011

Neobux Third Payment - Emoney Sri Lanka

Neobux - මාගේ තෙවන මුදල ලැබුණු වගයි

ඔන්න ඉතින් තවත් හොඳ ආරංචියක් කියන්නයි හදන්නේ, Neobux තුලින් මා ලැබූ තෙවන මුදල ඔබට පෙන්වන්නයි හදන්නේ. ඔයාලට කියන්න ඕන මගේ කැපවීම නිසා තමයි මේ තරම් ඉක්මනින් මුදල් හොයන්න හැකියාව ලැබුනේ, මම කලිනුත් කියල තියනවනේ PTC මගින් මුදල් උපයන්න හොඳ ඉවසීමක් / කැපවීමක් අවශ්‍යයි කියල. ඔයාලත් ඒ විදිහට වැඩ කලොත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. පහුගිය පාඩම් බලන්න ඕන අය ඉන්නවා නම් පහත ලින්ක් වලට ගිහින් බලන්න.

Neobux - හැඳින්වීම

Neobux - නීති රීති

PTC භාවිතා කරද්දී ඇතිවිය හැකි ගැටළු (Neobux හා Clixsence සඳහා පොදු වේ)  

මා ලැබූ මුදල 

 

Microjobs Second Lesson - Emoney Sri Lanka

පොඩි ජොබ් කර මුදල් උපයමු (Microjobs) දෙවන පාඩම
 
හැමෝටම සුබ දවසක්, ඔන්න පොරොන්දු උනා වගේ ආයෙත් ආවා, මේ වතාවේ මම කියල දෙන්නම් Microjobs ගැන වැඩිපුර විස්තර (පින්තූර සමගින්) ඔයාල Microworkers සමග සම්බන්ධ වෙලා ඔබේ ගිණුමට ප්‍රවේශ උනාම මුලින්ම කරන්න තියෙන්නේ මේ ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න එක. පහල රූපය දෙස බලන්න. මේ තියෙන්නේ Menu Bar එක.





ඉහත රූපය ගැන කෙටි හැඳින්වීමක්

  • Jobs - දැනට පවතිනා (ලැබී ඇති) ජොබ්ස්
  • HM jobs - ඔබ සඳහා පමණක් ලබා දී ඇති ජොබ්ස් (Success Rate / Reputation එක වැඩි අයට මේ සඳහා ඇති අවස්ථාව වැඩියි)
  • Task I Finished - ඔබ විසින් නිම කරන ලද ජොබ්ස්
  • My Campaigns - ඔබ විසින් රැකියාවක් ලබා දෙන්නට සුදානමින් සිටියි නම්, ඒ සඳහා මේ පිටුවට පිවිසෙන්න
  • Deposit - ඔබේ ගිණුමට මුදල් තැන්පත් කිරීමට (ඔබ අන් අයට රැකියාවක් ලබා දෙනවා නම් එයට මුදල් යෙදවීමට, නැතිනම් ඔබ විසින් ඉපයූ මුදල් භාවිතා කල හැක)
  • Withdraw - ඔබ ඉපයූ මුදල් ලබා ගැනීමට ඉල්ලුම් කිරීම
  • Account - ඔබේ ගිණුම පිළිබඳ විස්තර


ඔබ වෙත ලබා දී ඇති ජොබ්ස් (Jobs මෙනුව ) පහත රූපය බලන්න






ඔබට පෙනෙනවා ඇති ඉහත රූපයේ මේ එක් එක් කාර්යයන් සඳහා ලැබෙන මුදල් (Payment යටතේ බලන්න) සහ දැනටමත් කී දෙනෙක් මෙම ජොබ් එක කර තිබෙනවාද කියල (Done යටතේ බලන්න), තවද Success % යටතේ ඇත්තේ ඒ ඒ කාර්යයන් සාර්ථකව නිමකළ ප්‍රතිශතයයි.
  
ඔබ සඳහා පමණක් ලබා දෙන ජොබ්ස් (HM jobs මෙනුව)





මේ තියෙන්නේ මා විසින් නිම කරන ලද ජොබ්ස් වල රූපසටහනක් (සම්පූර්ණ රූපයම පෙන්වීම නොසුදුසු යයි හැඟුණ නිසා රූපයෙන් අඩක් පමණක් පෙන්වීමට අදහස් කළෙමි)



ඔය පහලින් තියෙන්නේ මගේ Success Rate එක, තවම නම් එකක් වත් වැරදිලා නෑ, එකට හේතුව තමයි මම ජොබ් තෝරගන්නෙ මට කළහැකි යයි හැඟුනොත් පමණක් නිසා. Not Rated කියල තියෙන්නේ ජොබ් එක සැපයු කෙනා තවම තීරණය (හරිද වැරදිද යයි කියා) කර නොමැති නිසා.



ඔය ඊළඟට තියෙන්නේ මගේ Reputation එක, වැඩිපුර HM jobs ලබාගන්න නම් Success Rate එක හා Reputation එක හොඳින් තිබිය යුතුයි



කට්ටියම දැනට ඔය කරුණු ටික අවබෝධයට ගන්න, මේ ගැන තවත් විස්තරයක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා, අයෙත් හමුවෙමු. ඔබට ජය වේවා!

Wednesday, November 16, 2011

Microjobs Introduction & First Lessson - Emoney Sri Lanka

අන්තර්ජාලයෙන් පොඩි ජොබ් කර මුදල් උපයමු (Microjobs)


කොහොමද හැමෝටම, ඔන්න අදත් ආවා අලුත් පණිවිඩයක් අරන්, අද කියල දෙන්න හදන්නේ අන්තර්ජාලයේ ඇති පොඩි පොඩි ජොබ් කරලා (Microjobs) කරලා මුදල් උපයන ක්‍රමයක් ගැන. මම ටිකක් කල් මේකේ ලියාපදිංචි වෙලා හිටිය, අපිට මේක විශ්වාසද කියලත් බලන්න ඕන නිසා, ලංකාවේ යාළුවො ගොඩක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා, සමහර අය ඩොලර් 900 ඉක්මවා මුදල් උපයල තියෙනවා කිව්වොත් පුදුම හිතෙයි නේද? එක තමයි ඇත්ත. ඒ නිසා කල්පනා කෙරුවා ඔයාලටත් මේ පණිවිඩය දෙන්න.

ඔයාලට කරන්න තියෙන්නේ මේ අඩවියේ ලබා දෙන ජොබ්ස් හරියට කරන එක, උදාහරණයක් වශයෙන් කිව්වොත් Facebook Wall එකේ post කරන්න, නැතිනම් Twitter ගිණුම Follow කරන්න, නැතිනම් website එකක් Bookmark කරන්න වශයෙන් ගත හැකියි. හැබැයි ඒ ජොබ්ස් කරලා අවසානයේ ඔවුන් ඉල්ලන සාක්ෂි (Proof) හරියට ලබා දෙන්නත් ඕන, නැතිනම් ඔබට මුදල් ලැබෙන්නේ නැ, ඔබ ලබා දෙන සාක්ෂි ඔවුන් විසින් වැරදි ඒවා බවට තහවුරු කලොත් (Deny කලොත්) ඔබේ ලකුණු ගණන (Success Rate) අඩු වීමටද එය හේතුවක් වෙනවා, එසේ උවහොත් ඔබේ ගිණුම අත්හිටුවීමට හෝ තාවකාලික තහනමකට ලක්විය හැක.

ඔබ මේ සඳහා ලියාපදිංචි වීමේදී ලබා දෙන විස්තර (විශේෂයෙන් ලිපිනය) ඉතා නිවැරදි විය යුතයි. එහෙම කිව්වේ, ඔබ විසින් ඉපයූ මුදල් ඉල්ලුම් කරන අවස්ථාවේ (ඒ සඳහා ඩොලර් 9.75 වඩා ඔබ උපයා තිබිය යුතුයි) ඔවුන් විසින් ඔබ ලබා දුන් ලිපිනයට (E -Mail ලිපිනය නොවේ) Pin අංකයක් එවනු ලබ නිසා, ඔබට කරන්න තියෙන්නේ Pin අංකය ලැබුණු පසු එය ඔබේ ගිණුමේ සඳහන් කිරීමයි. කට්ටියටම කාරණය පැහැදිලි උනා කියල හිතනවා, Pin අංකය ලැබෙන්න නම් ලිපිනය හරියට දෙන්න එපැයි, නැත්නම් සල්ලි අරගෙන ඉවරයි. විශේෂයෙන් සඳහන් කර යුතුයි, ලියාපදිංචි වීමේදී ඔබ ලබා දෙන තොරතුරු කිසිම හේතුවක් නිසා හෝ නැවත වෙනස් කරන්න බෑ. එක නිසා කට්ටියම ඒ ගැනත් අවධානය යොමු කරන්න.

ඔයාලට ඕන නම් තමන් උපයන මුදල් යොදාගෙන Job එකක් Post කරන්න පුළුවන්, ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ Twitter ගිණුම Follow කරන්න, නැතිනම් website එකක් Bookmark කරන්න වශයෙන් අනෙත් අයට Job ලබාදෙන්න. තමන්ගේ Adsence ගිණුම විනාශ කරගන්න මේක කියාපු තැන. තරහ වෙන්න එපා හොඳේ, එහෙම කිව්වේ මොකද දන්නවද, ගොඩක් අය Job ලබාදෙනවා අනෙක් අයට තමන්ගේ වෙබ් පිටුවට ගොස් දැන්වීම් නරඹන්න කියල, එහෙම උනාම ඉතින් කියන්න ඕන නැනේ මොකද වෙන්නේ කියල, Adsence කියන්නේ PTC වැඩසටහනක් නෙමෙයිනේ. ඒ නිසා කවුරුත් තමන්ගේ වටිනා Adsence ගිණුම විනාශ කරගන්න එපා.

PTC වැඩසටහන් වගේ නෙමෙයි ඔයාලට ඉතා ඉක්මනින් මේකෙදි මුදල් හොයන්න පුළුවන්, මට ඩොලර් 16 හොයන්න ගියේ මාසයක් වගේ කාලයක්, දැන් මම බලා ඉන්නේ මගේ Pin අංකය ලැබෙන තුරු, ඒ අතරේ තවත් අලුත් Job කරනවා,  ඒ නිසා PTC වැඩසටහන් එපා උන අයට මේක හොඳ අවස්තාවක් වේවි. මේක සාර්ථකව කරන්න නම් පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.


  • දවසට දෙතුන් වතාවක් හෝ ඔබේ ගිණුමට ඇතුල් වී අලුත් Job ලැබී ඇත්දැයි බලන්න
  • ඉතා වැදගත් - තමන්ට කල හැකි මට්ටමේ Jobs පමණක් කරන්න.
  • Job එක නිම කල පසු නිවැරදි සාක්ෂි සපයන්න.
  • ලබා දී ඇති කාල සීමාව තුල Job එක නිම කිරීමට පියවර ගන්න. (නැතිනම් Job එකේ Time එක Expire වේ)
එහෙනම් කැමති අය පහත ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න, මම මේ ගැන රූපසටහන් සමගින් විස්තරයක් ඉදිරියේදී කරන්නම්, හැමෝටම යහපත් දිනයක් වේවා!






http://microworkers.com/

Saturday, November 5, 2011

Clixsence Latest News - Emoney Sri Lanka

Clixsence උණුසුම් පුවත් - 1


ඔන්න දැන් " Clixsence Premium " ගිණුම් හිමියන්ට හොඳ ආරංචියක් කියන්නයි හදන්නේ. Clixsence හි තිබු මුදල් ලබා ගැනීමේ අවම අගය ඒ කියන්නේ " Minimum Payout " එක ඩොලර් 10 සිට ඩොලර් 8 දක්වා අඩු කරලා. ඒ කියන්නේ අපිට ඉක්මනින් මුදල් ලබාගන්න පුළුවන් කියන එකයි. ඔබට ඔබ යටතේ ලියාපදිංචි වූ සාමාජිකයන් නැතත් ඩොලර් 8 සීමාවට ඉක්මනින් ලඟා වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ප්‍රිමියම් ගිණුම් හිමියන්ට වැඩියෙන් දැන්වීම් බලන්න ලැබෙනවා කියල. ඒ නිසා ඔවුන්ට ඉක්මනින් මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

හැබැයි මේ පහසුකම තියෙන්නේ E -Currency සඳහා පමණයි. ඒ කියන්නේ
Electronic Payment (Paypal / Alertpay ) සඳහා පමණයි කියන එකයි. ඔබ චෙක් පතක් මාර්ගයෙන් මුදල් ලබා ගැනීමට අදහස් කර සිටිනවා නම් ඩොලර් 10 පිරෙන තෙක් බලා සිටිය යුතුයි.

තවත් පුවතක් තියෙනවා, ඒ තමයි Clixsence හි ඇති
Upgrade My Referral program  එක. මේකෙදි ඔයාලට ඔබේ සාමාජිකයෙක්ට ප්‍රිමියම් ගිණුමක් ලබා ගැනීමට දායකත්වය දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රිමියම් ගිණුමක් ලබා ගැනීමට ඩොලර් 15 ක් වැය වෙනවා. නමුත් මෙතනදී ඔබ ඔබේ සාමාජිකයෙක්ට දායකත්වය දක්වන නිසා එය ඩොලර් 12.95 කට ලබාදෙන්න පුළුවන්. මෙහි ඇති වාසිය තමයි ඔවුන්ට ප්‍රිමියම් ගිණුමක් ලැබුණු පසු වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්තාව (වැඩියෙන් දැන්වීම්) ලැබෙනවා. එවිට ඔවුන් වැඩියෙන් දැන්වීම් නරඹනවා, තවත් අලුත් සාමාජිකයන් බඳවා ගන්න උත්සහ කරනවා. ඔවුන් ඒ දේ කරන තරමට ඔබට වැඩියෙන් මුදල් ලැබෙනවා.

හැබැයි මතක තබා ගත යුතු කරුණක් තියෙනවා, ඒ තමයි මෙහිදී සාමාජිකයෙක්ට  ප්‍රිමියම් ගිණුමක් ලබා දුන් පසු ඔබට ලැබෙන ඩොලර් 2 කොමිස් මුදල ලබන්නේ නැ. කාරණය පැහැදිලියි නේද. ඒ කියන්නේ ඔබ ඔවුන්ට දායකත්වය දක්වන නිසා. මටත් පුළුවන් ඒ වගේ ඔබට දායකත්වය දක්වන්න. හැබැයි එකට පහත සුදුසුකම් සපුරන්න වේවි.
 
1 - පුරා මාස දෙකක් පුරාවට දැන්වීම් නැරඹිය යුතුයි. (එක් දිනයක් හෝ මග නොහැර, සමහර කරුණු ගැන සලකා බලන්න පුළුවන්, ඒ සඳහා මාව අමතන්න)
 
2 - ඔබ යටතේ අලුත් සාමාජිකයන් 5 හෝ ඊට වැඩි පිරිසක් බඳවා ගත යුතුයි.
 
3 - ඔවුනුත් දිනපතා දැන්වීම්
නැරඹිය යුතුයි. (එහෙම කලොත් ඔබටත් , මටත් හොඳයි)

ඉහත කරුණු සම්පූර්ණ කරන ඕනෑම අයෙකුට ප්‍රිමියම් ගිණුමක් ලබා දෙන්න මම ලෑස්තියි. (එන පිළිවෙලට , මාත් ඉතින් තාම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයිනේ)

Clixsence එකෙන් Forum එකක් පටන් ගන්න යන බව ආරංචියි. එක නම් ගොඩක් හොඳයි. එතකොට අපිට සාමාජිකයන් අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න පුළුවන්. එකීනෙකා අතර අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් තවත් පුවතකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.

අදම ලියාපදිංචි වී මාව අමතන්න. ඔබ ඉහත සුදුසුකම් සම්පූර්ණ කලොත් මගේ ගානේ ප්‍රිමියම් ගිණුමක් තෑගි.

Neobux First & Second Payments - Emoney Sri Lanka

Neobux තුලින් මා ලැබූ මුදල් 
 

පොරොන්දු උනා වගේ ඔන්න ආයෙත් ආවා, අද මම ඔයාලට පෙන්වන්නම් මම Neobux තුලින් දෙවතාවක් මුදල් දිනපු හැටි, මේවා බොරුවට හදපු සාක්ෂි නෙමෙයි, ඇත්තම ඒවා, ඔයාල දන්නවා අද ඉන්ටනෙට් එකේ බොරු " Payment Proof " හදන වෙබ් අඩවි ඕන තරම් තියෙනවා කියල. ඒවා තුලින් අපි ලැබූ මුදල් වගේ සිය ගුණයකින් වැඩි කරලා හොර " Payment Proof " හදන්න පුළුවන්. ඔවුන් එහෙම කරන්නේ තමන් යටතේ වැඩිපුර සාමාජිකයන් පිරිසක් බඳවා ගැනීමට. එත් මගේ අරමුණ ඔයාලට ඇත්ත පහදා දීම. එතකොට ඔයාලටම මේ වැඩසටහන් වල ඇති ගුණ අගුණ / දෝෂ එහෙම බලන්න පුළුවන්. එහෙම දැනුවත් වූ පසු ඒ වැඩසටහන් සමග සම්බන්ධ වෙනවාද නැතිද යන්න ඔබටම තීරණය කල හැක.

ඔය පහල රූපයෙන් තියෙන්නේ මගේ මුල්ම මුදල (Alertpay ගිණුමට)  ලබා ගත් පසු එවන ලද email එකේ රූපයක් (ආරක්ෂක හේතු මත Referrence Number එක කපාහැරිය බව සලකන්න)



මේ තියෙන්නේ මගේ දෙවන මුදල ලබා ගත් ආකාරය



ඉහත රූප වල ඇති දිනයන් ගැන අවධානය යොමු කරන්න. ප්‍රශ්නයක් නේද? මම කෙටි කාලයක් තුල දෙවතාවක් මුදල් දින්නේ කෙසේද? මම කලින් පාඩමෙන් කිව්වා Neobux තුලින් සාමාජිකයන් කුලියට ගන්න පුළුවන් කියල, ඉතින් මම කලේ ඩොලර් 4 ආයෝජනය කරලා 20 දෙනෙක් මාසයක කාලයකට කුලියට ගත්ත, එතකොට ඔවුන් දැන්වීම් බලනකොට ඒ මුදල් අපිට ලැබෙනවා.

අයෙත් ප්‍රශ්නයක් නේද? ඔවුන් දැන්වීම් නොබැලුවොත් මොකද වෙන්නේ? එතකොට නම් මුදල් ලැබෙන්නේ නැ. එත් මම කලේ දවස් 5 ක්  බලා ඉඳල දැන්වීම් නොබලන අය මාරු කල එක. එකට කියන්නේ Recycle කරනවා කියල, එහෙම එක් අයෙක් මාරු කරන්න සත 7 වැය වෙනවා, එහෙම කරලා තමයි මම දෙවතාවක් මුදල් ගත්තේ. මම ඔයාලට මේ වැඩසටහන ගැන තව විස්තර ඉදිරියේදී කියන්නම්. දැනට පහත කරුණු ගැන අවධානය යොමු කරන්න.

සාමාජිකයන් ගණන හා කුලියට ගැනීමට වැයවෙන මුදල

සාමාජිකයන් 3 = ඩොලර් සත 60
සාමාජිකයන් 5 = ඩොලර් 1
සාමාජිකයන් 10 = ඩොලර් 2
සාමාජිකයන් 15 = ඩොලර් 3
සාමාජිකයන් 20 = ඩොලර් 4
සාමාජිකයන් 25 = ඩොලර් 5
සාමාජිකයන් 30 = ඩොලර් 6
සාමාජිකයන් 40 = ඩොලර් 8
සාමාජිකයන් 50 = ඩොලර් 10
සාමාජිකයන් 60 = ඩොලර් 12
සාමාජිකයන් 70 = ඩොලර් 14
සාමාජිකයන් 80 = ඩොලර් 16
සාමාජිකයන් 90 = ඩොලර් 18
සාමාජිකයන් 100 = ඩොලර් 20

සාමාජිකයන් වෙනස් කිරීමට (Recycle) - එක් අයෙක් සඳහා - ඩොලර් සත 7

සාමාජිකයන්ගේ කාලය දීර්ග කිරීමට

දවස් 15 -
දවස් 30 - (5 % Discount)
දවස් 60 - (10 % Discount)
දවස් 90 - (18 % Discount)
දවස් 150 - (25 % Discount)
දවස් 140 - (30 % Discount)

වැඩි විස්තර  - Neobux Forum

ලියාපදිංචි නොවූ අය ඉඳියි නම් පහත බැනර් එක ක්ලික් කර ලියාපදිංචි වෙන්න පුළුවන්