Wednesday, November 16, 2011

Microjobs Introduction & First Lessson - Emoney Sri Lanka

අන්තර්ජාලයෙන් පොඩි ජොබ් කර මුදල් උපයමු (Microjobs)


කොහොමද හැමෝටම, ඔන්න අදත් ආවා අලුත් පණිවිඩයක් අරන්, අද කියල දෙන්න හදන්නේ අන්තර්ජාලයේ ඇති පොඩි පොඩි ජොබ් කරලා (Microjobs) කරලා මුදල් උපයන ක්‍රමයක් ගැන. මම ටිකක් කල් මේකේ ලියාපදිංචි වෙලා හිටිය, අපිට මේක විශ්වාසද කියලත් බලන්න ඕන නිසා, ලංකාවේ යාළුවො ගොඩක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා, සමහර අය ඩොලර් 900 ඉක්මවා මුදල් උපයල තියෙනවා කිව්වොත් පුදුම හිතෙයි නේද? එක තමයි ඇත්ත. ඒ නිසා කල්පනා කෙරුවා ඔයාලටත් මේ පණිවිඩය දෙන්න.

ඔයාලට කරන්න තියෙන්නේ මේ අඩවියේ ලබා දෙන ජොබ්ස් හරියට කරන එක, උදාහරණයක් වශයෙන් කිව්වොත් Facebook Wall එකේ post කරන්න, නැතිනම් Twitter ගිණුම Follow කරන්න, නැතිනම් website එකක් Bookmark කරන්න වශයෙන් ගත හැකියි. හැබැයි ඒ ජොබ්ස් කරලා අවසානයේ ඔවුන් ඉල්ලන සාක්ෂි (Proof) හරියට ලබා දෙන්නත් ඕන, නැතිනම් ඔබට මුදල් ලැබෙන්නේ නැ, ඔබ ලබා දෙන සාක්ෂි ඔවුන් විසින් වැරදි ඒවා බවට තහවුරු කලොත් (Deny කලොත්) ඔබේ ලකුණු ගණන (Success Rate) අඩු වීමටද එය හේතුවක් වෙනවා, එසේ උවහොත් ඔබේ ගිණුම අත්හිටුවීමට හෝ තාවකාලික තහනමකට ලක්විය හැක.

ඔබ මේ සඳහා ලියාපදිංචි වීමේදී ලබා දෙන විස්තර (විශේෂයෙන් ලිපිනය) ඉතා නිවැරදි විය යුතයි. එහෙම කිව්වේ, ඔබ විසින් ඉපයූ මුදල් ඉල්ලුම් කරන අවස්ථාවේ (ඒ සඳහා ඩොලර් 9.75 වඩා ඔබ උපයා තිබිය යුතුයි) ඔවුන් විසින් ඔබ ලබා දුන් ලිපිනයට (E -Mail ලිපිනය නොවේ) Pin අංකයක් එවනු ලබ නිසා, ඔබට කරන්න තියෙන්නේ Pin අංකය ලැබුණු පසු එය ඔබේ ගිණුමේ සඳහන් කිරීමයි. කට්ටියටම කාරණය පැහැදිලි උනා කියල හිතනවා, Pin අංකය ලැබෙන්න නම් ලිපිනය හරියට දෙන්න එපැයි, නැත්නම් සල්ලි අරගෙන ඉවරයි. විශේෂයෙන් සඳහන් කර යුතුයි, ලියාපදිංචි වීමේදී ඔබ ලබා දෙන තොරතුරු කිසිම හේතුවක් නිසා හෝ නැවත වෙනස් කරන්න බෑ. එක නිසා කට්ටියම ඒ ගැනත් අවධානය යොමු කරන්න.

ඔයාලට ඕන නම් තමන් උපයන මුදල් යොදාගෙන Job එකක් Post කරන්න පුළුවන්, ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ Twitter ගිණුම Follow කරන්න, නැතිනම් website එකක් Bookmark කරන්න වශයෙන් අනෙත් අයට Job ලබාදෙන්න. තමන්ගේ Adsence ගිණුම විනාශ කරගන්න මේක කියාපු තැන. තරහ වෙන්න එපා හොඳේ, එහෙම කිව්වේ මොකද දන්නවද, ගොඩක් අය Job ලබාදෙනවා අනෙක් අයට තමන්ගේ වෙබ් පිටුවට ගොස් දැන්වීම් නරඹන්න කියල, එහෙම උනාම ඉතින් කියන්න ඕන නැනේ මොකද වෙන්නේ කියල, Adsence කියන්නේ PTC වැඩසටහනක් නෙමෙයිනේ. ඒ නිසා කවුරුත් තමන්ගේ වටිනා Adsence ගිණුම විනාශ කරගන්න එපා.

PTC වැඩසටහන් වගේ නෙමෙයි ඔයාලට ඉතා ඉක්මනින් මේකෙදි මුදල් හොයන්න පුළුවන්, මට ඩොලර් 16 හොයන්න ගියේ මාසයක් වගේ කාලයක්, දැන් මම බලා ඉන්නේ මගේ Pin අංකය ලැබෙන තුරු, ඒ අතරේ තවත් අලුත් Job කරනවා,  ඒ නිසා PTC වැඩසටහන් එපා උන අයට මේක හොඳ අවස්තාවක් වේවි. මේක සාර්ථකව කරන්න නම් පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.


  • දවසට දෙතුන් වතාවක් හෝ ඔබේ ගිණුමට ඇතුල් වී අලුත් Job ලැබී ඇත්දැයි බලන්න
  • ඉතා වැදගත් - තමන්ට කල හැකි මට්ටමේ Jobs පමණක් කරන්න.
  • Job එක නිම කල පසු නිවැරදි සාක්ෂි සපයන්න.
  • ලබා දී ඇති කාල සීමාව තුල Job එක නිම කිරීමට පියවර ගන්න. (නැතිනම් Job එකේ Time එක Expire වේ)
එහෙනම් කැමති අය පහත ලින්ක් එකට ගිහින් ලියාපදිංචි වෙන්න, මම මේ ගැන රූපසටහන් සමගින් විස්තරයක් ඉදිරියේදී කරන්නම්, හැමෝටම යහපත් දිනයක් වේවා!






http://microworkers.com/

1 comment:

  1. බලමු ට්‍රයි එකක් දීලා word verification අයින් කරන්ඩ

    ReplyDelete