Saturday, November 26, 2011

Microjobs First Payment - Emoney Sri Lanka

Microjobs - මුදල් ලැබුණු වගයි

මම ඔයාලට කලින් පාඩමකින් කිව්වා (පොඩි ජොබ් කර මුදල් උපයමු) Microworkers කියන වෙබ් අඩවියෙන් මුදල් උපයන්න පුළුවන් කියලා , තව කිව්වා මම ඉපයූ මුදල් ඉල්ලුම් කල පසු PIN අංකය ගෙදරට තැපැල් කරනවා කියලා , මම බලාගෙන හිටපු ඒ ලියුම මීට දවස් 5 කට කලින් නිවසට ලැබුනා , පුදුමේ කියන්නේ තැපැල් වර්ජනය තියන දවස් වලමයි එක ලැබුනේ , ඉතින් මම කලේ ඒ PIN අංකය මගේ ගිණුමේ සඳහන් කල එකයි , ඉතින් කියන්න සතුටුයි එසේ කල පසු 2011/11/25 දින මගේ Alertpay ගිණුමට ඔවුන් මුදල් බැර කරලා තිබුනා. කට්ටියම පහත රූපය බලන්නකෝ.





මම ඩොලර් 9.75 ඉපයූ පසු තමයි මුදල් ඉල්ලුම් කලේ , එත් ඔවුන් එවලා තියෙන්නේ ඩොලර් 9.07 නේද. බයවෙන්න උවමනා නෑ , එකට හේතුව තමයි මගේ ගිණුමට මුදල් බැර කිරීම සඳහා (ඒ කියන්නේ Transaction එකට) පොඩි ගණනක් කපනවා. ගොඩක් E - Currency ගිණුම් වල එහෙම කරනවා. එත් කාරියක් නැනේ , නිකම් මුදල් උපයලා සත ගණනක් කැපුනට මක් වෙනවද.

මුදල් ලැබෙන අතරතුර තවත් ජොබ් කල නිසා මගේ ගිණුමේ තව ඩොලර් 7.10 තිබෙනවා, ඔයාලට මේ පණිවිඩය දෙන අද දවසේ විතරක් තවත් ජොබ්ස් 8 විතර කළා , ඒ කියන්නේ තව නොබෝ දිනකින් මට තවත් මුදලක් ලබාගන්න පුළුවන් කියන එකයි. එක ලබුනමත් ඔයාලට දැනුම් දෙන්නම්කො , ඉතින් ඔයාලත් මේ විදිහට කැපවීමෙන් වැඩ කරන්න, එහෙම කලොත් සාර්ථක වෙන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්!
කලින් පාඩම් බලන්න ඕන අය ඉන්නවා නම් පහත ලින්ක් වලට යන්න


No comments:

Post a Comment