Monday, September 10, 2012

මාර්තු / අප්‍රේල් / ජුලි මාසවල Clixsence මගින් ලැබූ මුදල් - Clixsence Payments

කාලෙකට පස්සේ Blog එකට ආවේ, මගේ Blog එකට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා, චෝදනා එහෙමත් ලැබෙනවා, ඒ Comment එකත් publish කළා, ඒ යාළුවාට මගේ ප්‍රතිචාරය මොකක්ද කියල දැනුම් දුන්න, එතකොට හැමෝටම පුළුවන් ඇත්ත මොකක්ද කියල දැනගන්න, එතකොට අපිට පුළුවන් හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. ඔය පහල රූප තුනෙන් දිස්වෙන්නේ මම ලබා ගත් මුදල් පිලිවෙලින් 


මාර්තු මාසයේ ලැබූ මුදල



අප්‍රේල් මාසයේ ලැබූ මුදල

 

 ජුලි මාසයේ ලැබූ මුදල  


හුඟ දෙනෙක් අහනවා මම තාමත් Clixsence සාමාජිකයන්ට ප්‍රිමියම් ගිණුම් දෙනවද කියලා? කියන්න කණගාටුයි මම ඒ ක්‍රියාදාමය නතර කළා, එකට හේතුව තමයි මේ වැඩසටහනට එකතු වෙන යාළුවන් හට තාමත් නිසි අවබෝධයක් නැති කම, ඔවුන් එකතු වී දවස් කීපයක් ක්‍රියාකාරී මට්ටමේ ඉඳල ඉතා ඉක්මනින් අක්‍රීය තත්වයට පත් වෙනවා, ඉතින් මම කොහොමද ඩොලර් ගණනක් වියදම් කර ඔවුන් හට ප්‍රිමියම් ගිණුම් දෙන්නේ, අපි හැමෝම දන්නවා මේ වැඩසටහන මගින් ඉතා ඉක්මනින් මුදල් උපයන්න බෑ කියල, මේ සඳහා යම් කාලයක් / උනන්දුවක් හා නිසි අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමන් කරන්නේ මොකක්ද කියල අවබෝධ කරගෙන මේ වාගේ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න කියල, හැමෝටම සුභ දවසක්!