Tuesday, December 13, 2011

Clixsence First Payment - Emoney Sri Lanka

Clixsence මගින් ඉපයූ මුල්ම මුදල

ඔන්න මම Clixsence මගින් ඉපයූ මුල්ම මුදලත් ලබා ගත්තා, මේ මුදල ලබා ගන්න ලොකු කැපකිරීමක් කළා, එකේ ප්‍රතිපල මම අද විඳිනවා, මට Clixsence වල Referrals කිහිපදෙනෙක් සිටියත් (8 දෙනෙක් පමණ) ඔවුන් සියලුම දෙනා වගේ අක්‍රීය තත්වයේ ඉන්නේ, එත් මම උත්සාහය අත්නොහැර තනිවම ක්‍රියාකරලා මේ විදිහේ ජයග්‍රහණයක් ලබා ගත්තා.පහත රූපය බලන්න


මේ ලැබූ ජයග්‍රහණය

  • අන්තර්ජාලය මගින් මුදල් උපයන්න බෑ කියන අයට හොඳ පිළිතුරක් වෙයි.
  • Clixsence මගින් මුදල් උපයන්න බෑ කියන අයට හොඳ පිළිතුරක් වෙයි.
  • මෙය Clixsence මගින් තනිවම උවත් මුදල් උපයන්න හැකි යැයි පෙන්වා දෙන්න පුළුවන් කදිම සාක්ෂියකි (විශේෂයෙන් ප්‍රිමියම් ගිණුම් හිමියන්ට)

ඉතින් තවත් බලා ඉන්නේ නැතිව අදම ලියාපදිංචි වෙලා අන්තර්ජාලයෙන් නොමිලේ මුදල් උපයන්න.ජය වේවා!

Microjobs Second Payment - Emoney Sri Lanka

Microjob දෙවන මුදල ලැබුණු වගයි

ඔන්න මම බලාගෙන හිටපු Microworkers මගින් ඉපයූ දෙවන මුදලත් ලැබුනා, මේක ලැබිලා නම් ටික දවසක් වෙනවා, තිබුණු වැඩ අධික නිසා ආරංචිය දෙන්න ටිකක් ප්‍රමාද උනා. ඔය පහල රූපයේ තියෙන්නේ මට ලැබුණු දෙවන මුදලයි.



ඔයාලත් කැපවීමෙන් වැඩ කරන්න, එහෙම කලොත් ඔයාලටත් මේ වගේ මුදල් සොයන්න පුළුවන්.

Wednesday, December 7, 2011

Neobux Correct Way To Watch Ads Daily - Emoney Sri Lanka

Neobux  - දිනපතා දැන්වීම් නරඹන නිවැරදි ක්‍රමය


මෙම පාඩම "Neobux වල නීති රීති ගැන යමක්" යන පාඩම හා සම්බන්ධයි

මම ඔයාලට Neobux වල මුල්ම පාඩම් වලදී කියල දුන්න දැන්වීම් නැරඹීම දිනපතා කල යුතුයි කියලා, අද ඒ ගැන වැඩි විස්තරයක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී සාමාන්‍ය ගිණුම් ඇති අයට වැඩි වශයෙන් දැකිය හැකි දැන්වීම් වර්ග කිහිපයක් හා ඒවාට ආවේනික වර්ණ තියෙනවා, ඒවා නම්

Micro කාණ්ඩයේ දැන්වීම් - කොළ පාට
Fixed කාණ්ඩයේ දැන්වීම් - දම් පාට හා තැඹිලි පාට

මෙහිදී අපට ඉතා වැදගත් වෙන්නේ තැඹිලි වර්ණයෙන් යුත් දැන්වීමයි, ඒ ඇයි?

මෙම වැඩසටහනේදී අප දැන්වීම් නැරඹිය යුතු වන්නේ පැය 24 ක්‍රමයටයි, ඒ කියන්නේ අපි වරක් නැරඹු දැන්වීම් නැවත reset වීම සිදුවන්නේ පැය 24 කට පසුවයි, මෙහිදී අප දිනපතා නැරඹිය යුතුම දැන්වීම් කාණ්ඩය වන්නේ තැඹිලි වර්ණයෙන් යුත් එවයි, ඉතින් මේ දැන්වීම් වරක් ක්ලික් කල පසු නැවත reset වීම සිදුවන්නේ පැය 24 කට පසුවයි, මෙහිදී ඉතා කල්පනාකාරී වන්න, ඇඩ්ස් reset වීම සිදුවන්නේ අපගේ Local Time එකට උවත් අප ඒවා ක්ලික් කල යුතු වන්නේ Server Time එකේ පැය 24 අනුකූලවයි
. පහත රූපය දෙස බලන්න.


ඔය කහ වර්ණයෙන් රවුම් කර ඇත්තේ මගේ ගිණුමේ ඇඩ්ස් Reset වෙන වෙලාවයි, එය සටහන් වී ඇත්තේ උදෑසන 8.39 ලෙසයි, මෙම කාලය වෙනස් කල නොහැකි අතර එය ඔබ මෙම වැඩසටහන සමග ලියාපදිංචි උන වෙලාව වශයෙන් සැලකිය හැක. (ඔබ උදෑසන 10 මෙම වැඩසටහනට සමග ලියාපදිංචි උනා නම් ඔබේ Reset වෙන වෙලාව උදෑසන 10 වෙයි) දැන් රතු වර්ණයෙන් රවුම් කල තැන බලන්න, මෙහි සටහන්ව ඇත්තේ Server එකේ දිනය හා වෙලාවයි, ඇත්ත වශයෙන්ම අප දැන්වීම් නැරඹිය යුත්තේ මේ වෙලාවට අනුකූලවයි, 

ඒ ඇයි? පහත උදාහරණය දෙස බලන්න.

2011.11.26 ලංකාවේ වෙලාව උදෑසන 8.39 = ඇඩ්ස් Reset වෙයි (අපේ වෙලාව අනුව)

 
එහෙත් එය Server එකේ වේලාවෙන් පහත පරිදි වෙයි

2011.11.25 Server එකේ වෙලාව රාත්‍රී 10.09 = ඇඩ්ස් Reset වී නොමැත (පැය 24 අනුව)

ඒ කියන්නේ Server එකේ වෙලාවට අනුව අප තාම සිටින්නේ 2011.11.25 දිනයේයි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ Server එකේ වෙලාව 00.00 පසුවූ පසු දිනපතා නැරඹිය යුතුම "තැඹිලි" වර්ණයෙන් යුත් දැන්වීම් නරඹන එක. ඉස්සර නම් මේක හරියට පැටලුනා , දැන්නම් Neobux මගින් එක දැන ගැනීමට ඉඟියක් ලබාදී තිබෙනවා, පහත රූපය බලන්න.


ඔබට පෙනෙනවා ඇති ඉහත රූපයේ පණිවිඩයක් දිස්වෙනවා " You haven't viewed any advertisements today " යනුවෙන්, ඉතින් ඔබට කරන්න තියෙන්නේ මේ පණිවිඩය දිස්වෙන විට ඇඩ්ස් නරඹන එකයි. (Server දිනය වෙනස් වී ඇති ආකාරය බලන්න)

ඔබ පැය 24 ක්‍රමයට දැන්වීම් නැරඹුවේ නැතිනම් මොකද වෙන්නේ? 

කියන්නත් දුකයි, එහෙම උනොත් ඔබට හෙට දවසේ Referrals මගින් ලැබීමට නියමිත මුදල් අහිමි වෙනවා. ඔබට Direct Referrals හෝ Rented Referrals සිටියි නම් ඔබ දිනපතා පැය 24 ක්‍රමයට දැන්වීම් නැරඹිය යුතුම වෙනවා, එහෙම කල නොහැකි නම් මේ වැඩසටහන සමග සම්බන්ධවීමෙන් වැළකී සිටින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සියලුම ඇඩ්ස් පැය 24 ක්‍රමයට නැරඹිය යුතුද?

ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක කොළ පැහැයෙන් හා දම් පැහැයෙන් යුත් දැන්වීම් නැරඹිය හැක, දවසට කිහිප වතාවක් උවත් ඔබේ ගිණුමට ඇතුල් වී මේ දෙවර්ණයේ ඇඩ්ස් නරඹන්න පුළුවන්, හැබැයි තැඹිලි වර්ණයෙන් යුත් ඒවා පැය 24 ක්‍රමයට නරඹන්න අමතක කරන්න එපා.

සාරාංශය
  • Server එකේ වෙලාවට අනුව තැඹිලි වර්ණයෙන් යුත් දැන්වීම් නරඹන්න.
  • එම වර්ණයේ ඇඩ්ස් දිනපතා මග නොහැර බලන්න.

    Tuesday, December 6, 2011

    What Are The Neopoints - Emoney Sri Lanka

    Neobux - Neopoints කියන්නේ මොනවද

    මම අද ඔයාලට කියන්නම් Neobux වල ඇති Neopoints හා එහි ඇති වැදගත්කම ගැන. අපි මුලින්ම බලමු Neopoints කියන්නේ මොනවද කියල, මේක ඇවිල්ල එක්තරා ලකුණු ක්‍රමයක්, ඔබ Neobux වල නරඹන එක දැන්වීමක් එක Neopoints එකකට සමානයි, ඒ කියන්නේ ඔබ දවසට දැන්වීම් 15 බැලුවොත් ඔබට Neopoints 15 ලැබෙනවා.

    දැන් අපි බලමු මේ ලැබෙන ලකුණු වල ඇති වැදගත්කම ගැන. ඔබට මේ ලකුණු පාවිච්චි කරලා Rental Balance එකට මුදල් ලබාගන්න පුළුවන්, තවද මේ ලකුණු පාවිච්චි කරලා අවුරුද්දක කාලයකට Golden ගිණුමක් ලබාගන්න පුළුවන්. (හැබැයි ඒ සඳහා ලකුණු 30000 ලබා ගත යුතුයි, තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන්වීම් 30000 නැරඹිය යුතුයි) තවද මේ ලකුණු යොදා ගනිමින් ඔබේ Direct Referral සීමාව වැඩි කරගන්න පුළුවන්, ලකුණු 500 එක Direct Referral කෙනෙකුට සමානයි.

    වැඩිපුර ටයිප් කරන්න ඕන නෑනේ, කට්ටියම පහත රූපය නරඹා Neopoints ගැන වැඩිපුර අවබෝධයක් ලබාගන්න.


    මම නම් මට ලැබෙන දැන්වීම් එකක්වත් මගහරින්නේ නෑ, ඒ නිසා මට පුළුවන් උනා Neobux සඳහා වැඩිපුර මුදල් ආයෝජනය නොකර Neopoints ආධාරයෙන් Rental Balance එක වැඩිකරගන්න, එසේ ලබාගත් මුදල් කුලියට ගත් සාමාජිකයන් සඳහා වැය කරනවා. (ඔවුන්ගේ මාසික කුලිය ගෙවීමට / Recycle කිරීමට) ඒ නිසා ඔබත් ලැබෙන දැන්වීම් සෑම එකක්ම නරඹන්න, Neobux තුලින්ම උපයා එයටම ආයෝජනය කරන්න. හැමෝටම ජය වේවා.

    Saturday, December 3, 2011

    Introduction To DonkeyMails - Emoney Sri Lanka

    DonkeyMails හැඳින්වීම

    මම අද ඔයාලට කියල දෙන්නම් මුදල් උපයන්න පුළුවන් තවත් වැඩසටහනක් ගැන. මේකේ නම තමයි DonkeyMails (නම ටිකක් පිස්සු වගේ නේද) මේකත් PTC වැඩසටහනක්, මේකෙන් මුදල් ඉපයිය හැකි ක්‍රම ගණනාවක් තිබෙනවා, උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාලට දැන්වීම් නැරඹීම මගින් / Email  බැලීමෙන් / මේ වැඩසටහන හරහා තවත් ඒවාට සම්බන්ධවීම මගින් හා තවත් ක්‍රම ගණනාවකින් මුදල් උපයන්න පුළුවන්. මම මේ වැඩසටහන පසුගිය මාස කිහිපය මුළුල්ලේ අත්හදා බැලුවා, එහෙම කලේ ඔයාලට කියන්න කලින් මේකේ විශ්වාසබව ගැන තහවුරු කරගන්න ඕන නිසා, ඉතින් කියන්න සතුටුයි මේ වැඩසටහන සාර්ථක එකක්, හැබැයි අනෙක් PTC වැඩසටහන් වලට සාපේක්ෂව මේක ටිකක් මන්දගාමී එකක්, මේකෙන් තනිවම මුදල් හොයන්න නම් ටික කලක් ගත වෙනවා, ඔයාලට තමන් යටතේ ලියාපදිංචි උන සාමාජිකයන් නැතිනම් (ඒ කියන්නේ Referrals නැතිනම්) මුදල් උපයන්න ටික කලක් ගත වෙනවා.


    හැබැයි මේකේ එක හොඳක් මම දකිනවා ඒ තමයි ඩොලර් 1 ඉපයූ පසු මුදල් ඉල්ලුම් කරන්න පුළුවන්, ඔයාල දැනටමත් දන්නවා අනෙක් PTC  ගැන, ඒවාට ගෙවන ගානත් දන්නවා, ඒවායේ මුදල් ඉල්ලුම් කරන්න ඩොලර් 8 / 10 දක්වා උපයන්න වෙන බවත් දන්නවා, සාමාන්‍ය ගිණුම් ඇති අයට මුදල් උපයන්න කල් ගතවෙනවා කියලත් දන්නවනේ, ඉතින් DonkeyMails සමග තනිවම සම්බන්ධ වෙලා හිටියත් ඩොලර් 1 ඉපයූ පසු ඔබට මුදල් ලබාගන්න පුළුවන්, එහෙම කරපු මටත් මුදල් ලැබුන. පහත රූපය බලන්න.





























    ඉතින් ඔයාලටත් තමන් ගැන විශ්වාස නම්, PTC  කියන්නේ මොකක්ද කියල දන්නවා නම්, තමන් කරන්නේ මොනවද කියල දන්නවා නම්, මුදල් ඉපයීමේ පැහැදිලි උවමනාවක් තිබෙනවා නම්, හොඳ උත්සහවන්ත අධිෂ්ටානයක් තිබෙනවා නම් මේකට සම්බන්ධ වෙන්න. තමන් යටතේ සාමාජිකයන් බඳවා ගන්න උත්සහ කරන්න, එහෙම කලොත් ඔබ දිනුම්. ඔබ සිතනවා නම් මේ විස්තරය ඔබට වැදගත් උනා කියල, එහෙම නම් පහත බැනර් එක ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න. මේ ගැන දීර්ඝ විස්තරයක් ඉදිරියේදී කරන්නම්, කලින් පාඩම් ගැනත් ගොඩක් දේවල් කියන්න තියෙනවා, ඉතින් ඉඩ ලැබෙන විදිහට ඒ හැම එකක්ම ඔබට කියන්නම්. හැමෝටම සුබ දවසක්!


    DonkeyMails.com: No Minimum Payout