Wednesday, December 7, 2011

Neobux Correct Way To Watch Ads Daily - Emoney Sri Lanka

Neobux  - දිනපතා දැන්වීම් නරඹන නිවැරදි ක්‍රමය


මෙම පාඩම "Neobux වල නීති රීති ගැන යමක්" යන පාඩම හා සම්බන්ධයි

මම ඔයාලට Neobux වල මුල්ම පාඩම් වලදී කියල දුන්න දැන්වීම් නැරඹීම දිනපතා කල යුතුයි කියලා, අද ඒ ගැන වැඩි විස්තරයක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී සාමාන්‍ය ගිණුම් ඇති අයට වැඩි වශයෙන් දැකිය හැකි දැන්වීම් වර්ග කිහිපයක් හා ඒවාට ආවේනික වර්ණ තියෙනවා, ඒවා නම්

Micro කාණ්ඩයේ දැන්වීම් - කොළ පාට
Fixed කාණ්ඩයේ දැන්වීම් - දම් පාට හා තැඹිලි පාට

මෙහිදී අපට ඉතා වැදගත් වෙන්නේ තැඹිලි වර්ණයෙන් යුත් දැන්වීමයි, ඒ ඇයි?

මෙම වැඩසටහනේදී අප දැන්වීම් නැරඹිය යුතු වන්නේ පැය 24 ක්‍රමයටයි, ඒ කියන්නේ අපි වරක් නැරඹු දැන්වීම් නැවත reset වීම සිදුවන්නේ පැය 24 කට පසුවයි, මෙහිදී අප දිනපතා නැරඹිය යුතුම දැන්වීම් කාණ්ඩය වන්නේ තැඹිලි වර්ණයෙන් යුත් එවයි, ඉතින් මේ දැන්වීම් වරක් ක්ලික් කල පසු නැවත reset වීම සිදුවන්නේ පැය 24 කට පසුවයි, මෙහිදී ඉතා කල්පනාකාරී වන්න, ඇඩ්ස් reset වීම සිදුවන්නේ අපගේ Local Time එකට උවත් අප ඒවා ක්ලික් කල යුතු වන්නේ Server Time එකේ පැය 24 අනුකූලවයි
. පහත රූපය දෙස බලන්න.


ඔය කහ වර්ණයෙන් රවුම් කර ඇත්තේ මගේ ගිණුමේ ඇඩ්ස් Reset වෙන වෙලාවයි, එය සටහන් වී ඇත්තේ උදෑසන 8.39 ලෙසයි, මෙම කාලය වෙනස් කල නොහැකි අතර එය ඔබ මෙම වැඩසටහන සමග ලියාපදිංචි උන වෙලාව වශයෙන් සැලකිය හැක. (ඔබ උදෑසන 10 මෙම වැඩසටහනට සමග ලියාපදිංචි උනා නම් ඔබේ Reset වෙන වෙලාව උදෑසන 10 වෙයි) දැන් රතු වර්ණයෙන් රවුම් කල තැන බලන්න, මෙහි සටහන්ව ඇත්තේ Server එකේ දිනය හා වෙලාවයි, ඇත්ත වශයෙන්ම අප දැන්වීම් නැරඹිය යුත්තේ මේ වෙලාවට අනුකූලවයි, 

ඒ ඇයි? පහත උදාහරණය දෙස බලන්න.

2011.11.26 ලංකාවේ වෙලාව උදෑසන 8.39 = ඇඩ්ස් Reset වෙයි (අපේ වෙලාව අනුව)

 
එහෙත් එය Server එකේ වේලාවෙන් පහත පරිදි වෙයි

2011.11.25 Server එකේ වෙලාව රාත්‍රී 10.09 = ඇඩ්ස් Reset වී නොමැත (පැය 24 අනුව)

ඒ කියන්නේ Server එකේ වෙලාවට අනුව අප තාම සිටින්නේ 2011.11.25 දිනයේයි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ Server එකේ වෙලාව 00.00 පසුවූ පසු දිනපතා නැරඹිය යුතුම "තැඹිලි" වර්ණයෙන් යුත් දැන්වීම් නරඹන එක. ඉස්සර නම් මේක හරියට පැටලුනා , දැන්නම් Neobux මගින් එක දැන ගැනීමට ඉඟියක් ලබාදී තිබෙනවා, පහත රූපය බලන්න.


ඔබට පෙනෙනවා ඇති ඉහත රූපයේ පණිවිඩයක් දිස්වෙනවා " You haven't viewed any advertisements today " යනුවෙන්, ඉතින් ඔබට කරන්න තියෙන්නේ මේ පණිවිඩය දිස්වෙන විට ඇඩ්ස් නරඹන එකයි. (Server දිනය වෙනස් වී ඇති ආකාරය බලන්න)

ඔබ පැය 24 ක්‍රමයට දැන්වීම් නැරඹුවේ නැතිනම් මොකද වෙන්නේ? 

කියන්නත් දුකයි, එහෙම උනොත් ඔබට හෙට දවසේ Referrals මගින් ලැබීමට නියමිත මුදල් අහිමි වෙනවා. ඔබට Direct Referrals හෝ Rented Referrals සිටියි නම් ඔබ දිනපතා පැය 24 ක්‍රමයට දැන්වීම් නැරඹිය යුතුම වෙනවා, එහෙම කල නොහැකි නම් මේ වැඩසටහන සමග සම්බන්ධවීමෙන් වැළකී සිටින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සියලුම ඇඩ්ස් පැය 24 ක්‍රමයට නැරඹිය යුතුද?

ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක කොළ පැහැයෙන් හා දම් පැහැයෙන් යුත් දැන්වීම් නැරඹිය හැක, දවසට කිහිප වතාවක් උවත් ඔබේ ගිණුමට ඇතුල් වී මේ දෙවර්ණයේ ඇඩ්ස් නරඹන්න පුළුවන්, හැබැයි තැඹිලි වර්ණයෙන් යුත් ඒවා පැය 24 ක්‍රමයට නරඹන්න අමතක කරන්න එපා.

සාරාංශය
  • Server එකේ වෙලාවට අනුව තැඹිලි වර්ණයෙන් යුත් දැන්වීම් නරඹන්න.
  • එම වර්ණයේ ඇඩ්ස් දිනපතා මග නොහැර බලන්න.

    4 comments:

    1. thank very much your information

      ReplyDelete
    2. thank u very much to given information

      ReplyDelete
    3. Thanks macho mata loku gataluwak thibuna oya gana... oya problem eka ithin google eke search parak dammanam ithin patas gala answer enawa.... ithin api kohomada kadda therum ganne... mama wage ayata me blog eka mara widiyata watinawa bro...thawa oyage danuma bedaganna kiyala mama obata aradana karanawa..... tnx :)

      Sameeera

      ReplyDelete
    4. thnks mcn fatta aha..mn ref la 3k gaththa..eyala gaththa dawasata click karanawa...pahuwada indan ne...mage server time eke auwlakda,,,,You havent Click any advertistment today kiyana msg eka pennana welawatamai click kranne........

      ReplyDelete