Monday, September 10, 2012

මාර්තු / අප්‍රේල් / ජුලි මාසවල Clixsence මගින් ලැබූ මුදල් - Clixsence Payments

කාලෙකට පස්සේ Blog එකට ආවේ, මගේ Blog එකට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා, චෝදනා එහෙමත් ලැබෙනවා, ඒ Comment එකත් publish කළා, ඒ යාළුවාට මගේ ප්‍රතිචාරය මොකක්ද කියල දැනුම් දුන්න, එතකොට හැමෝටම පුළුවන් ඇත්ත මොකක්ද කියල දැනගන්න, එතකොට අපිට පුළුවන් හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. ඔය පහල රූප තුනෙන් දිස්වෙන්නේ මම ලබා ගත් මුදල් පිලිවෙලින් 


මාර්තු මාසයේ ලැබූ මුදල



අප්‍රේල් මාසයේ ලැබූ මුදල

 

 ජුලි මාසයේ ලැබූ මුදල  


හුඟ දෙනෙක් අහනවා මම තාමත් Clixsence සාමාජිකයන්ට ප්‍රිමියම් ගිණුම් දෙනවද කියලා? කියන්න කණගාටුයි මම ඒ ක්‍රියාදාමය නතර කළා, එකට හේතුව තමයි මේ වැඩසටහනට එකතු වෙන යාළුවන් හට තාමත් නිසි අවබෝධයක් නැති කම, ඔවුන් එකතු වී දවස් කීපයක් ක්‍රියාකාරී මට්ටමේ ඉඳල ඉතා ඉක්මනින් අක්‍රීය තත්වයට පත් වෙනවා, ඉතින් මම කොහොමද ඩොලර් ගණනක් වියදම් කර ඔවුන් හට ප්‍රිමියම් ගිණුම් දෙන්නේ, අපි හැමෝම දන්නවා මේ වැඩසටහන මගින් ඉතා ඉක්මනින් මුදල් උපයන්න බෑ කියල, මේ සඳහා යම් කාලයක් / උනන්දුවක් හා නිසි අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමන් කරන්නේ මොකක්ද කියල අවබෝධ කරගෙන මේ වාගේ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න කියල, හැමෝටම සුභ දවසක්! 

Sunday, February 19, 2012

Neobux Fourth Payment - Emoney Sri Lanka

Neobux තුලින් උපයපු හතරවන මුදල

ඔන්න ඔය අතර වාරයේ මම Neobux තුලින් උපයපු හතරවන මුදලත් ලැබුනා, මේක ලැබිල ටික දවසක් වෙනවා, කාර්යබහුලත්වය නිසා ආරංචිය දෙන්න ටිකක් පමා උනා. දැන් දැන් Neobux වෙනස්කම් කීපයකට බඳුන්වෙලා තියෙනවා, සමහර ඒවා අපිට හොඳයි, සමහර ඒවා නිසා නම් අපි ටිකක් අපහසුතාවයට පත්වෙනවා (විශේෂයෙන් සාමාන්‍ය සාමාජිකයන්) අපි මේ වැඩසටහනේ සිදුවූ වෙනස්කම් පිළිබඳව ඉදිරි පාඩමකින් කතා කරමු, හැමෝටම යහපත් දිනයක්!


ලියාපදිංචි වෙනවා නම් පහත බැනරය භාවිතා කරන්න 

Clixsence Referral Upgrade - Emoney Sri Lanka

ප්‍රිමියම් ගිණුමක් ලබා දෙන ආකාරය 

ඔයාලට මතක ඇති මම පොරොන්දුවක් දුන්න මා යටතේ Clixsence සඳහා ලියාපදිංචි වී මාසයක කාලයක් දිනපතා දැන්වීම් බැලුවොත් ඔහුට හෝ ඇයට ප්‍රිමියම් ගිණුමක් ලබා දෙනවා කියල, ඉතින් එහෙම කරපු එක සාමාජිකයෙක් සඳහා මම පොරොන්දු ඉටු කළා. කියන්නත් සතුටුයි ඒ සාමාජිකයා එක දිනක් හෝ මග නොහැර දැන්වීම් බැලුවා, ඔහු මේ වැඩසටහන ගැන විශ්වාසයකින් සම්බන්ධ වෙලා කටයුතු කරපු බව පේනවා. දැන් ඉතින් ඔහුටත් ප්‍රිමියම් ගිණුමක් ඇතිව ඉතා ඉක්මනින් මුදල් උපයන්න පුළුවන්, ඔයාලට පහතින් බලන්න පුළුවන් ඔහුගේ ගිණුම ප්‍රිමියම් දක්වා උසස් කරපු ආකාරය.

පළමු පියවර - Referral පිටුව, රතුපාට ඉරෙන් ලකුණු කල කෙනාව තමයි තේරුවේ,අනුනුගේ ඊ-මේල් පෙන්වන එක හරි නැති නිසා ඒවා කපල දැම්මා.


දෙවන පියවර - 1 සලකුණු කල ස්ථානයෙන් සාමාජිකයා තෝරාගත යුතුයි, 3 ඒ සමගම මුදල් ගෙවීමේ ක්‍රමය තේරීමද කල යුතුයි



 තෙවන පියවර - Alertpay ගිණුමෙන් මුදල් ගෙවන අවස්ථාව


හතරවන පියවර - මුදල් ගෙවා අවසන්

 
පස්වන පියවර - මුදල් ගෙවූ බවට ලැබෙන ඊ-මේල් පණිවිඩය


හයවන පියවර - ප්‍රිමියම් ගිණුමක් ලැබූ සාමාජිකයා, ඔය රතුපාටින් රවුම් කල ස්ථානයේ ඇති තරු සලකුණ බලන්න, මේ ලකුණින් දැක්වෙන්නේ ප්‍රිමියම් සාමාජිකයන් පමණි.

 
ඉතින් ඔයාලත් මේ වැඩසටහනට තවමත් සම්බන්ධ වෙලා නැතිනම් අදම ලියාපදිංචි වෙන්න, හොඳ ක්‍රියාකාරී සාමාජිකයන්ට ප්‍රිමියම් ගිණුමක් දෙන්න මම සුදානම්, හැබැයි මේ පාර නම් වැඩේ ටිකක් වෙනස් වෙනවා, හැමෝම දැන් ලංකාවේ තත්වය දන්නවනේ, බඩු මිල, ඉන්ධන මිල, විදුලි බිල අහස උසට, ඒ මදිවට රුපියලේ අගයත් අඩුවෙලා, Clixsence සාමාජික ගාස්තුත් වැඩි කළා කියල කලින් පාඩමකින් කිව්ව මතක ඇතිනේ, ඒ නිසා මෙවර එකදිගට මාස දෙකක් පුරාවට එක දිනයක් හෝ මග නොහැර දැන්වීම් නැරඹීම කල යුතුයි, එහෙම කරන අයට මගේ ගානේ ප්‍රිමියම් ගිණුමක් තෑගි, හැමෝටම යහපත් දිනයක්!

අදම ලියාපදිංචි වන්න

 

Thursday, February 9, 2012

DonkeyMails Second Payment - Emoney Sri Lanka

DonkeyMails දෙවන මුදල ලැබුන වගයි

හැමෝටම ආයුබෝවන්, ඔන්න ටික දවසකට පස්සේ අයෙත් ආවා ඔයාල අමතන්න. මේ පාර කියන්න හදන්නෙත් මට ලැබුන මුදල් ගැන කියන්න. මේ මුදල ලැබුනේ DonkeyMails වෙතින්, මේක මට ලැබුන දෙවන මුදල. පහත රූපය බලන්න.




ඔයාල දන්නවනේ DonkeyMails කියන්නේ ටිකක් මන්දගාමී එකක් කියල, ඉතින් මේකෙන් සල්ලි හොයන්න ටික කලක් යනවා, එත් ඔබට හොඳ Referrals පිරිසක් ඉන්නවා නම් බයවෙන්න දෙයක් නෑ. ඔයාලට එහෙම කිව්වට මටත් Referrals ලා නැ. මේ මුදල මම හෙව්වේ තනියම දැන්වීම් බලලා , එත් මට Upgrade කරපු ගිණුමක් තියෙනවා, ඒ නිසා ටිකක් වැඩේ ලේසි උනා. ඔයාලත් කැපවීමෙන් වැඩ කලොත් සාර්ථක වෙන්න පුළුවන්, ජය වේවා!

කලින් පාඩම් බලන්න ඕන අය ඉන්නවා නම් මෙතනින් පිවිසෙන්න

කාට හරි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕන නම් පහත බැනරය භාවිතා කරන්න

DonkeyMails.com: No Minimum Payout

Monday, January 23, 2012

Clixsence Latest News 2 - Emoney Sri Lanka

Clixsence උණුසුම් පුවත් 2

දැන් දැන් Clixsence සාමාජිකයන්ට වාසි රැසක් අත්වී ඇති බව පේනවා. මුදල් ලබා ගැනීම් වල තිබුන අවම මුදල සියලුම සාමාජිකයන් සඳහා අඩු කර තිබෙනවා, කලින් සාමාන්‍ය ගිණුම් හිමියන් සඳහා තිබුන ඩොලර් 10 සීමාව ඩොලර් 8 දක්වා අඩු කර තියෙනවා, ප්‍රිමියම් ගිණුම් හිමියන් සඳහා තිබු ඩොලර් 8 සීමාව ඩොලර් 6 දක්වා අඩු කර තියෙනවා, ඒ කියන්නේ තමන්ගේ ගිණුමේ ඩොලර් 8 සහ ඩොලර් 6 සීමාවට ආවම මුදල් ලබා ගන්න පුළුවන්.

ඔයාලට බොරු කියන්න ඕන නැහැනේ, මේ සහනය දෙන්න කලින් ඔවුන් විසින් වාර්ෂික සාමාජික ගාස්තු ඉහල දැමුවා, ඒ කියන්නේ ඩොලර් 15 වේ තිබු ගාස්තුව ඩොලර් 17 දක්වා ඉහල දැමුවා, (ප්‍රිමියම් සාමාජික ගාස්තුව) එත් ඔයාල හැමෝම දන්නවා Clixsence තමයි දැනට සාමාජිකයන් වැඩියෙන්ම සිටින විශ්වාසනීය PTC වැඩසටහන. ඔවුන් තවමත් අය කරන්නේ අනෙක් PTC අය කරන මුදලට වැඩ සැහෙන අඩු මුදලක්, ඔවුන් අපෙන් දෙයක් ගන්නවා වගේම ඊට වඩා වැඩියෙන් යමක් අපිට දෙනවා. ඔවුන් අපට Referral Signup Commision එක වැඩි කර තියෙනවා. කලින් තිබු ඩොලර් ශත 25 වෙනුවට ඩොලර් ශත 50 ක් ගෙවනවා.

ඉතින් ඔබත් තවම මේ අගනා වැඩසටහනට සම්බන්ධ වෙලා නැතිනම් පහත බැනර් එක ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න. මතකනේ මම කලින් දීපු පොරොන්දුව (අමතක නම් අයෙත් බලන්න) ඔබ මා යටතේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා පුරා මාසයක් එක දිනයක් හෝ මග නොහැර දැන්වීම් නැරඹුවොත්, ඔබට ප්‍රිමියම් ගිණුමක් ලබාදීමට මම සුදානම්. වැඩියෙන් උනන්දු වෙන්න, වැඩියෙන් කට්ටිය හොයන්න, ඔබට ජය වේවා!

Microjobs Third Payment - Emoney Sri Lanka

Microjobs තුන්වන මුදල

ඔන්න මම Microjobs මගින් තුන්වන වරටත් මුදල් ලැබුවා, මේ පාර මුදල් ලබා ගත්තේ Moneybookers ගිණුමට. එකේ Bank Withdraw එකක් සඳහා අය කරන ගාස්තුව ගොඩක් අඩුයි. (ඩොලර් 2.50 වගේ සුළු මුදලක්) ඒ නිසා මගේ ඉලක්කය තමයි Moneybookers එකට මුදල් ලබාගෙන ඒ හරහා මගේ බැංකු ගිණුමට මුදල් ලබාගන්න. 

අපි කලින් පාඩමේ කතා කලානේ Paypal සහ Alertpay ගැන. ඒ නිසා ඔයාලට තේරෙනවා ඇතිනේ Moneybookers ගිණුමේ වාසිදායක බව. අපිට පුළුවන් PTC වැඩසටහන් වලින් ලැබෙන මුදල් Alertpay ගිණුමට ලබාගන්න. ලොකු ගානක් එකතු උනාට පස්සේ withdraw කරන්නයි තියෙන්නේ. එහෙනම් කට්ටියම පහත රූපය බලන්නකෝ මම තුන්වන වරට මුදල් ලබපු ආකාරය.


කාටහරි Moneybookers ගිණුමක් ලබාගන්න අවශ්‍ය නම් මේ ලින්ක් එකට ගොස් ලියාපදිංචි වෙන්න.

Saturday, January 21, 2012

Paypal or Alertpay how about Moneybookers

විශ්වාසනීය අන්තර්ජාල මුදල් ගිණුම් ගැන යමක්

මුලින්ම අපේ යාළුවො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ! කියල ප්‍රර්ථනා කරනවා, පහුගිය දවස් වල හරිම කරදර , ජරමර, ඒ මදිවට ලෙඩ රෝග, බ්ලොග් එක පලාතට එන්න බැරි උනා. එක නිසයි ගොඩක් පරක්කු උනේ. හැබැයි අන්තර්ජාල මුදල් ගැන තියෙන උනන්දුව අඩු උනේ නෑ, ඒ නිසා හිතුව අලුත් අදහසක් ගැන කියන්න. අපි කොච්චර මුදල් හෙව්වත් වැඩක් නෑ ඒවා ලංකාවට ගෙන්වා ගන්න විදිහක් නැත්නම්, මේ සටහන තබන්නේ ඒ පිළිබඳව දැනුවත් කරන්නයි.

ඔයාලා හුඟ දෙනෙක් දන්නවා Paypal / Alertpay / ගැන. මේවා ගැන කෙටියෙන් කිව්වොත් අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම් හා ගෙන්වා ගැනීම් කටයුතු කිරීමට ඉතා විශ්වාසනීය සේවා සපයන්නන් අතර ඉදිරියෙන් ඉන්නේ Paypal , එත් අවාසනාවට ලංකාවේ අපට Paypal භාවිතා කල හැක්කේ මුදල් ගෙවීම් කටයුතු වලට පමණයි. ඒ මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට අප හට පහසුකම් සලසා නැත. කනගාටුවට කරුණ නම් මේ සඳහා කටයුතු කල හැකි වගකිවයුතු ආයතන මුනිවත රැකීමයි, ඒ නිසා අපිට වෙලා තියෙන්නේ මහන්සියෙන් උපයපු මුදල් ලබා ගැනීමට නොහැකිව මුව අයාගෙන බලා සිටින්නයි.

මේ අවුලෙන් බේරීමට තිබුන එකම තේරීම Alertpay භාවිතා කිරීමයි, එත් අපේම අවාසනාවට එහිද තිබුණු යම් යම් පහසුකම් දැන් අපට අහිමි කර තිබෙනවා, එහි තිබු Credit Card එකට මුදල් ලබා ගැනීමේ පහසුකම අහිමි කර තියෙනවා, Check මගින් මුදල් ඉල්ලුම් කිරීමට යාමේදීද දෝෂ පණිවිඩ නිකුත් වෙනවා, එහි ඇති එකම තේරීම Bank Transefer ක්‍රමයයි. නමුත් ඒ සඳහා ඔවුන් ඩොලර් 15 මුදලක් අය කරනවා. ඩොලර් 30 ඇති අයෙක් ඒ මගින් මුදල් ඉල්ලුම් කිරීමට ගියොත් ඔහුට ලැබෙන්නේ ඩොලර් 15 පමණයි, එකෙනුත් අපේ අයත් (බැංකු) කීයක් හරි කපනවා, ඒ කියන්නේ අපට ලැබෙන මුදල හිතා ගන්න පුළුවන් නේද?

අපට ඇති අවසාන තේරීම (මගේ මතය අනුව) Moneybookers නම් සේවවායි, මම ඉතා මෑතකදී එහි සාමාජිකත්වය ලැබුවා, ලිපිනය තහවුරු කිරීමත් සිදු කළා , එත් අප ලියාපංචි වී සිටින PTC වැඩසටහන් බොහොමයක් මේ සේවාව සඳහා පහසුකම් සපයන්නේ නෑ. ඉදිරියේදී එම පහසුකම් ඔවුන් ලබා දුන්නොත් Moneybookers සේවාව මගින් අපට ලොකු වැඩක් කරගන්න පුළුවන්. 

දැන් මේ කතාව කිව්ව කියල කට්ටිය PTC අතාරින්න එපා. කොහොමත් අපට Alertpay සේවාව ලබාගැනීමට සිදුවෙනවා. Clixsence හා Neobux මගින් මම ලබාගන්නා මුදල් Alertpay ගිණුමට යොමු කරලා ඒ මුදල් තවත් වැඩසටහන් සඳහා යොදාගන්නවා. මගේ එම ගිණුමේ තිබුන මුදල් වලින් ඩොලර් 20 ක් තවත් වැඩසටහන් 2 ක් සඳහා යොදා ගත්තා.

එකක් නම් DonkeyMails වැඩසටහනයි, එයට ඩොලර් 10 වියදම් කල මම වසරක කාලයක් සඳහා මගේ සාමාජිකත්වය ඉහල දැම්මා. (Free account එක Baby Donkey ගිණුමක් දක්වා upgrade කළා) මේකේ තියෙන නම් වලට නම් හොඳටම හිනා යනවා, මෙහි ගිණුම් වර්ග ගැන සඳහන් කලොත් Baby Donkey (වසරකට ඩොලර් 10) / Small donkey (වසරකට ඩොලර් 20) / Big donkey (වසරකට ඩොලර් 30) / Huge donkey (වසරකට ඩොලර් 50) / Super Donkey Clicker (වසරකට ඩොලර් 80) / Super HUGE Donkey Clicker (වසරකට ඩොලර් 150) වශයෙන් තිබෙනවා. DonkeyMail PTC වැඩසටහන ගැන වෙනම පාඩමකින් වැඩිපුර විස්තර කියන්නම්කො.

මම මුදල් වැයකරපු ඊළඟ වැඩසටහන ගැන වැඩිපුර විස්තරයක් දෙන්න මම අදහස් කරන්නේ නෑ. මොකද මාත් තාම ඒ වැඩසටහන ගැන හදාරමින් ඉන්න නිසා. මේක scam site එකක්ද කියන්න මමවත් දන්නේ නෑ. හොයා බලපු විදිහට නම් ගැටළුවක් පෙන්න නෑ වගේ, එත් ටිකක් විමසිල්ලෙන් ඉන්න එක හොඳයිනේ. වැඩේ සාර්ථක වගේ නම් අනිවාරයෙන් පණිවිඩය කියන්නම්. තවත් විස්තරයක් සමගින් හමුවෙවූ, හැමෝටම ජය වේවා!