Saturday, January 21, 2012

Paypal or Alertpay how about Moneybookers

විශ්වාසනීය අන්තර්ජාල මුදල් ගිණුම් ගැන යමක්

මුලින්ම අපේ යාළුවො හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ! කියල ප්‍රර්ථනා කරනවා, පහුගිය දවස් වල හරිම කරදර , ජරමර, ඒ මදිවට ලෙඩ රෝග, බ්ලොග් එක පලාතට එන්න බැරි උනා. එක නිසයි ගොඩක් පරක්කු උනේ. හැබැයි අන්තර්ජාල මුදල් ගැන තියෙන උනන්දුව අඩු උනේ නෑ, ඒ නිසා හිතුව අලුත් අදහසක් ගැන කියන්න. අපි කොච්චර මුදල් හෙව්වත් වැඩක් නෑ ඒවා ලංකාවට ගෙන්වා ගන්න විදිහක් නැත්නම්, මේ සටහන තබන්නේ ඒ පිළිබඳව දැනුවත් කරන්නයි.

ඔයාලා හුඟ දෙනෙක් දන්නවා Paypal / Alertpay / ගැන. මේවා ගැන කෙටියෙන් කිව්වොත් අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම් හා ගෙන්වා ගැනීම් කටයුතු කිරීමට ඉතා විශ්වාසනීය සේවා සපයන්නන් අතර ඉදිරියෙන් ඉන්නේ Paypal , එත් අවාසනාවට ලංකාවේ අපට Paypal භාවිතා කල හැක්කේ මුදල් ගෙවීම් කටයුතු වලට පමණයි. ඒ මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට අප හට පහසුකම් සලසා නැත. කනගාටුවට කරුණ නම් මේ සඳහා කටයුතු කල හැකි වගකිවයුතු ආයතන මුනිවත රැකීමයි, ඒ නිසා අපිට වෙලා තියෙන්නේ මහන්සියෙන් උපයපු මුදල් ලබා ගැනීමට නොහැකිව මුව අයාගෙන බලා සිටින්නයි.

මේ අවුලෙන් බේරීමට තිබුන එකම තේරීම Alertpay භාවිතා කිරීමයි, එත් අපේම අවාසනාවට එහිද තිබුණු යම් යම් පහසුකම් දැන් අපට අහිමි කර තිබෙනවා, එහි තිබු Credit Card එකට මුදල් ලබා ගැනීමේ පහසුකම අහිමි කර තියෙනවා, Check මගින් මුදල් ඉල්ලුම් කිරීමට යාමේදීද දෝෂ පණිවිඩ නිකුත් වෙනවා, එහි ඇති එකම තේරීම Bank Transefer ක්‍රමයයි. නමුත් ඒ සඳහා ඔවුන් ඩොලර් 15 මුදලක් අය කරනවා. ඩොලර් 30 ඇති අයෙක් ඒ මගින් මුදල් ඉල්ලුම් කිරීමට ගියොත් ඔහුට ලැබෙන්නේ ඩොලර් 15 පමණයි, එකෙනුත් අපේ අයත් (බැංකු) කීයක් හරි කපනවා, ඒ කියන්නේ අපට ලැබෙන මුදල හිතා ගන්න පුළුවන් නේද?

අපට ඇති අවසාන තේරීම (මගේ මතය අනුව) Moneybookers නම් සේවවායි, මම ඉතා මෑතකදී එහි සාමාජිකත්වය ලැබුවා, ලිපිනය තහවුරු කිරීමත් සිදු කළා , එත් අප ලියාපංචි වී සිටින PTC වැඩසටහන් බොහොමයක් මේ සේවාව සඳහා පහසුකම් සපයන්නේ නෑ. ඉදිරියේදී එම පහසුකම් ඔවුන් ලබා දුන්නොත් Moneybookers සේවාව මගින් අපට ලොකු වැඩක් කරගන්න පුළුවන්. 

දැන් මේ කතාව කිව්ව කියල කට්ටිය PTC අතාරින්න එපා. කොහොමත් අපට Alertpay සේවාව ලබාගැනීමට සිදුවෙනවා. Clixsence හා Neobux මගින් මම ලබාගන්නා මුදල් Alertpay ගිණුමට යොමු කරලා ඒ මුදල් තවත් වැඩසටහන් සඳහා යොදාගන්නවා. මගේ එම ගිණුමේ තිබුන මුදල් වලින් ඩොලර් 20 ක් තවත් වැඩසටහන් 2 ක් සඳහා යොදා ගත්තා.

එකක් නම් DonkeyMails වැඩසටහනයි, එයට ඩොලර් 10 වියදම් කල මම වසරක කාලයක් සඳහා මගේ සාමාජිකත්වය ඉහල දැම්මා. (Free account එක Baby Donkey ගිණුමක් දක්වා upgrade කළා) මේකේ තියෙන නම් වලට නම් හොඳටම හිනා යනවා, මෙහි ගිණුම් වර්ග ගැන සඳහන් කලොත් Baby Donkey (වසරකට ඩොලර් 10) / Small donkey (වසරකට ඩොලර් 20) / Big donkey (වසරකට ඩොලර් 30) / Huge donkey (වසරකට ඩොලර් 50) / Super Donkey Clicker (වසරකට ඩොලර් 80) / Super HUGE Donkey Clicker (වසරකට ඩොලර් 150) වශයෙන් තිබෙනවා. DonkeyMail PTC වැඩසටහන ගැන වෙනම පාඩමකින් වැඩිපුර විස්තර කියන්නම්කො.

මම මුදල් වැයකරපු ඊළඟ වැඩසටහන ගැන වැඩිපුර විස්තරයක් දෙන්න මම අදහස් කරන්නේ නෑ. මොකද මාත් තාම ඒ වැඩසටහන ගැන හදාරමින් ඉන්න නිසා. මේක scam site එකක්ද කියන්න මමවත් දන්නේ නෑ. හොයා බලපු විදිහට නම් ගැටළුවක් පෙන්න නෑ වගේ, එත් ටිකක් විමසිල්ලෙන් ඉන්න එක හොඳයිනේ. වැඩේ සාර්ථක වගේ නම් අනිවාරයෙන් පණිවිඩය කියන්නම්. තවත් විස්තරයක් සමගින් හමුවෙවූ, හැමෝටම ජය වේවා!

2 comments:

  1. Niyama wadak...godak satutui...mata podi help 1k ona...mata alertpay 1ta $20k ona.mama moneybooker hari paypal walata hari money send karannam.please contact me...

    tharaka.p6@gmail.com

    ReplyDelete
  2. moneybooker ekata salli ganna puluwan wena PTC or PTR sites thiyenawada... Mata kiyannako

    ReplyDelete